LOADING

Type to search

News

කබ්රාලුත් එපා චමලුත් එපා – ගෝඨාභයට බැරිනම් දිනේෂ් දාන්න… මහින්දට අභ්‍යන්තරයෙන් බලපෑම්

Share

යම් හෙයකින් සිය පුරවැසභාවයේ නීත්‍යානුකූල බාවය ඔප්පු කරගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාව පත් කරන්නැයි පොහොට්ටු පක්ෂයේ භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කරමින් සිටින බවත් වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩිව්. ගුණසේකර, තිස්ස විතාරණ අතුළු පිරිසක් කබ්රාල් පිළිබඳ යෝජනාවට සිය විරෝධතාවය පල කර ඇති බවත් ඔවුන්ගේ යෝජනාවී ඇත්තේ චමල් රාජපක්ෂ මහතා බවත් ඉස්කුරුප්පු ඇණේ මීට පෙර වාර්තා කරන ලදී.

පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලට අනුව මේ වනවිට පොහොට්ටුවේ අපේක්ෂයා පිළිබඳ ගැටුම උග්‍ර අතට වර්ධනය වෙමින් පවතී.

පොහොට්ටු පක්ෂයේ මෙම අපේක්ෂක ගැටුම කරළියට පැමිණ ඇත්තේ විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගනෙ ඇත්තේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් බවත් ඔහු සිය හැඳුනුම්පත ලබාගෙන ඇත්තේද නීත්‍යානුකූල ලෙස නොවන බවටත් සඳහන් කරමින් අභියාචනාධිකරණයට ගොනු කර ඇති පෙත්ම විභාගයට ගැනීමට තීරණය කිරීමත් සමගය.

ඒ අනුව මේ වනවිට විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පවුලෙන් හා ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටි වැනි අය විසින් දිණේෂ ගුණවර්ධන මහතාව යෝජනා කර තිබේ.

එම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුනේ ඉරියව්වලින් කියවී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතා පිළිබඳ යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේද කැමැත්තක් ඇති බව යැයි එම අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

දිනේෂ් ගුණවර්ධන නම් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කිහිප දෙනෙකුම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලීම් කර තිබේ.

මෙම යෝජනා ත්‍රිත්වයම ඊයේ පස්වරුවේ පවත්වා ඇති එම පක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට බඳුවී ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා යම් තරමක හෝ ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් යැයි වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *