LOADING

Type to search

Gossip News

ඔළුවක් නැති රෝහිත

Share

යතුපැදියක ගමන් කිරීමේදී ආරක්ෂිත හිස්වැසුමක් පැළඳීම නීතියෙන්ද අනිවර්යය කර තිබෙන ඉතා අත්‍යාවශ්‍ය කාරණයකි.

එහෙත් මෙරට පාලන බලය ඉල්ලන යළි වරක් රටේ ඇමතිවරු වීමට මාන බලන රෝහිත අබේගුණවර්ණලා රංචුවක් ගැසී යතුරුපැදිවල නැගී ආරක්ෂක හිස්වැසුම්ද නොමැතිව ගමන් කරමින් තමන්ට ඔළුවක් නැති බව පසුගියදා සිය ඡන්දදායකයන් වෙත ප්‍රදර්ශනය කර සිටියේය.

එම පිරිස මීගහතැන්න පොලිස්ථානය ඉදිරිපිටින්ද මෙලෙස නීතිවිරෝධී ලෙස ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ගමන් ගත් අතර රෝහිත අබේගුණවර්ධන මහතාව යතුරුපැදියේ නංවාගෙන යතුපැදිය පදවාගෙන ගියේද රෝහිත අබේගුණවර්ධනාලටම ගැලපෙන ඔවුන්ටම කියපු පුද්ගලයෙකි.

ඔහු නමින් උදෙනි අතුකෝරාල වන අතර ඔහු වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. 2018ට පෙර සමයේ ලල්ලාවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හරහා පස් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවක්ද උදෙනි අතුකෝරාලට එරෙහිව පවතින අතර ඔහු ඒ සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුද ලැබ සිටියෙකි.

පැවති රාජපක්ෂ පාලන සමයේද මොවුන් කටයුතු කරනු ලැබුවේ මේලෙසම තමන්ට ඔළුවක් නැති බව රටට ප්‍රදර්ශනය කරමිණි. ඔවුන් මෙවරත් රාජපක්ෂවරයෙක් කරපින්නාගෙන පැමිණෙමින් සිටින අතර ඔවුන් මෙලෙස නීති කඩ කරමින් ජනතාවට ප්‍රදර්ශනය කරමින් සිටින්නේ ඉදිරියේසී තමන්වෙත රටේ පාලන බලය ලැබුනහොත් ඔළුවක් නොමැති පිරිසක් විසින් රට පාලන කරන බව නොවේද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *