LOADING

Type to search

News

ආරක්ෂාව මදියැයි ලලිත් – කුගන් නඩුවට නොගිය ගෝටා දැන් යාපනයට යන්නේ කෙසේද…?

Share

පසුගිය සැප්තැම්බර් 27 වනදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති ලලිත් කුගන් නඩුවට පෙනී නොසිටි ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) දින යාපනයේ නරික්කුන්ඩුරු ක්‍රීඩාපිටියේ පැවති ජන රැළියට එක්වී සිටිනු දක්නට ලැබිණි.

දේශපාලන ක්‍රියාකාරිකයන් මෙන්ම ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන්වීම සම්බන්දයෙන් යාපනය මහේස්ත්‍රාත් අදිකරණයේ  පවතින නඩුවේ සාක්ෂි කරුවෙක් ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩුව මගහිරිමින් සිටින අතර තමන්ට උතුරේ හා නැගෙනහිර ආරක්ෂාව සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින් තමන්ව යාපනය මහේස්ත්‍රාත් අදිකරණයේ පවතින නඩුවට කැඳවීම වලක්වාලන මෙන් ඉල්ලා අතුරු තහනම් නියෝගයක් ලබා ගන්නා ලදී.

එ් අනුව ඔහු පසුගිය සැප්තැම්බර් 27 වනදා යාපනය මහේස්ත්‍රාත් අදිකරණයේ පැවති ලලිත් කුගන් නඩුවට පෙනී නොසිටි නමුත් මේ මොහොතේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඔහුට යාපනයට යාමට ආරක්ෂාය ප්‍රශ්නයක් වී නොමැතිවීම විශ්මය ජනයක කාරණයකි.

ගෝඨාභය රාජපක්ෂ සිය අතුරුතහනම් නියෝගය ලබාගැනීමට හේතු ලෙස ඉදිරිපත් කර ඇත්තේ තමන් යුධ සමයේ හිටපු ආරක්ෂක ලේකම් බැවින් යාපනයට යාමට තරම් ආරක්ෂාව තහවුරු වී නොමැති බවය.

2011 දෙසැම්බර් 09 දා, ලෝක මානව හිමිකම් දිනයට පෙර දිනයේ යාපනය, අච්චුවේලි පොලිස් බල ප්‍රදේශයේදී ලලිත් සහ කුගන් පැහැරගෙන ගොස් තිබිණි.

නිර්වේලි ප්‍රදේශයේදී මෙම දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය හරස් කර, වෑන් රථයක් සහ යතුරු පැදි දෙකක් නතර කළ බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ. ඉන්පසු දෙසැම්බර් 15දා එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ ලලිත් සහ කුගන් අතුරුදන් වී නැති බවත්, ඔවුන් සිටින බවත් ය. පොලිසිය හෝ ආරක්ෂක හමුදා මගින් ඔවුන් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරනු ඇති බවද ඔහු සඳහන් කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *