LOADING

Type to search

News

“අසූචි කනවනම් අතේ පයේ ගාගන්නේ නැතුව හැඳි ගෑරුප්පුවලින් කාපල්ලා…”

Share

“අසූචි කනවනම් අතේ පයේ ගාගන්නේ නැතුව හැඳි ගෑරුප්පුවලින් කාපල්ලා” යැයි කියමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (22) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති පක්ෂ නියෝජිතවරුන්ගේ හමුවේදී පක්ෂග්‍රාහීව කටයුතු කරන මාධ්‍ය ආයතවනලටත් ඒවාට උඩගෙඩිදෙන දේශපාලන පක්ෂ නියෝජිතයන්ටත් අවධාරණය කර තිබේ.

මේ වනවිට කැඳවා ඇති ජනාධිපතිවරණයේ ඒ ඒ අපෙක්ෂකයින් වෙත මාධ්‍ය ආයතනවල ලබදෙන ඉඩ ප්‍රස්තාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සහ නීතීඥ සුනිල් වටගල මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. එම අවස්ථාවේදී රාජ්‍ය මාධ්‍ය භාවිතාවට අදාළව යම් පාර්ශවයකට පක්ෂපාතීවීමට එරෙහිව අදාල නීතිමය කටයුතු ලබන සතියේම අරඹනබවටද මහින්ද දේශප්‍රිය සභාපතිවරයා පක්ෂ නියෝජිතයින් ඉදිරියේ පොරොන්දු වී තිබේ.

එම අවස්ථාවේ බිමල් රත්නායක මහතා පසුගිය දිනවල මාධ්‍ය ආයත ප්‍රවෘත්ති විකාශයේදී ඒ ඒ අපේක්ෂකයන් වෙත ලබාදෙන ඉඩ සම්බන්ධයෙන් කාලසටහනක්ද සහිතව මැතිවරණ කොමිසමේ අවධානයට යොමු කර ඇත. එහිදී මහින්ද දේශප්‍රිය මහතා පෞද්ගලික මාධ්‍ය ආයතනවල හැසිරීම සම්බන්ධයෙන් තමන් කටයුතු කරන්නේ කෙසේදැයි පවසා තිබේ. එහිදී “නෙළුම් කුළුනේ වංචාවක් ගැන ජනාධිපතිතුමා ජනතාවට කියනවා. ඒ වංචනිකයන් අල්ලන්න කටයුතු කරන්න ජනාධිපතිතුමා මැදිහත්වෙන්නේ නැහැ. මාධ්‍ය ආයතනවල නීතීවිරෝධී හැසිරීම ගැන ඔබ තුමා මැතිවරණ කොමිසමේ සභාපති විදිහට ජනතාවට කියනවා. නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ඔබ තුමා ඒක කරන්නේ නැහැ.” යැයි බිමල් රත්නායක මහතා පවසා ඇත.

එහිදී “මම මොකද්ද කරන්නේ” යැයි  මහින්ද දේශප්‍රිය සභාපතිවරයා පෙරලා ප්‍රශ්න කර තිබේ.

“මාධ්‍ය ආයතනය පුද්ගලික වෙන්න පුළුවන්. ඒත් ඒවට සංඛ්‍යාථ දීල තියෙන්නේ රජයෙන්. සංඛ්‍යාත කියන්නේ රජයේ දේපළක්. රජයේ දේපළ අවභාවිතා කිරීමක් මෙතන සිද්ධවෙන්නේ. ඒක නිසා රජයේ දේපළ අවභාවිතා කිරීමට විරුද්ධව ඔබතුමාට බලයක් තියෙනවා ක්‍රියාමාර්ග ගන්න.” යැයි එම අවස්ථාවේ බිමල් රත්නායක මහතා අවධාරණය කර තිබේ.

“යක්කු එක්ක සුප් බොනකොට හැඳිමිට දිගට තියාගන්න දැනගන්නඕනා…” යැයි කියමින් මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ පෞද්ගලික මාධ්‍ය මේ සිදුකරගෙන යන පක්ෂක්ග්‍රාහී ක්‍රියාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එහිදී පෞද්ගලික මාධ්‍යවලට අදාළව මාධ්‍ය බලධාරීන් කැඳවා පක්ෂපාතීවීමට අදාළ ව දැනුවත් කිරීම් සිදු කිරීමටත් එයින්ද ඵලක් නොවන්නේනම් නීතීමය ක‍්‍රියාමාර්ග ගැනීමටත් මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පොරොන්දු වී තිබේ.

පහතින් දිස්වන්නේ මාධය ආයතනවල හැසිරීම සම්බන්ධයෙන් මුහුණුපොතේ පල කර තිබූ කාලසටහන් කිහිපයකි.

1 Comment

  1. porn tube November 25, 2019

    I’m curious to find out what blog system you have been utilizing?
    I’m experiencing some minor security problems with my latest website and I’d like to find something more
    secure. Do you have any solutions?

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *