LOADING

Type to search

Gossip News

අලි සබ්‍රි මේ කියන්නේ ගෝඨා පැරදුනොත් යළිත් ජාතිවාදය අවුලවන බවද?

Share

පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නීති උපදෙශකයා මෙන්ම, පුද්ගලික නීතීඥවරයාද වන අලී සබ්‍රි විසින් මුස්ලිම් ජන කොටස් ජීවත්වන ප්‍රදේශයක පැවැත්වූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී දෙමළ භාෂාවෙන් සිදු කළ ප්‍රකාශයක් මේ දිනවල ඉතාමත් වේගයෙන් සමාජජාලා තුළ ප්‍රචාරයවෙමින් තිබේ.

එම රැස්වීමේදී අලි සබ්‍රි නීඥවරයා පවසන්නේ “සිංහල ඡන්දවලින්ම එයා දිනාවි. එයා දැනටමත් දිනලා ඉවරයි. මුස්ලිම්වරු මොකක්ද කරන්න ඕන? අපි එයාගේ ජයග්‍රහණයේ කොටම් කාරයෝ වෙන්න ඕන. එහෙම නැත්නම්” යැයි නීතීඥ අලි සබ්‍රි පවසනවාත් සමගම “අපිට අම්බානකට කන්න වෙන්නේ” යැයි රැස්වීමේ සිටි අයෙක් කිය.

එවිට නීතීඥ අලි සබ්‍රි නැවතත් “හරියටම හරි. ඔයා කියනව වගේ අපිට නොසෑහෙන්න කන්න වෙන්නේ. ඒක තමයි ඇත්ත. ඒ බව අපි දැනගෙන් ජීවත්වෙන්න ඕන.” යැයි පවසයි.

අලි සබ්‍රි මීට පෙරද මුහුණු පොතේ සිදු කළ සංවාදයකදී, පසුගිය දිනවල රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි චෝදනා කරමින් කළ සිද්ධිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාණයක් බව පිළිගෙන තිබිණි.

එමෙන්ම මෙම උක්ත ප්‍රකාශය තුළින්ද මොහු මුස්ලිම් සමාජය තුළ ජාතිවාදී අන්තවාදී භීතිය වපුරවමින් සිටින අතර ඔහු එහි සඳහන් කරන පරිදි යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් රට තුළ ජාතිවාදී ගැටුම් වැලකෙන බවත් ගෝඨාභය පරාජය වුවහොත් යළිත් සිංහල මුස්ලිම් අන්වාදී ප්‍රහාර ස්මතුවන බවත් නොවේද?

පැවති රාජපක්ෂ පාලන සමයේදී මෙන්ම 2015දී රාජපක්ෂ පරාජයෙන් පසුවද රට තුළ හලාල්වලින් පටන්ගෙන, බුර්කාව, පර්දාව දක්වා පැමිණ පසුව වඳ සැත්ම් දක්වාත් වහාබ් අන්තවාදය දක්වාත් හිස්බුල්ලාගේ ශරියා කැම්පස් එක දක්වාත් ගමන් කළ සිංහල ජාතිවාදය පෝෂණය කිරීමේ පෙරමුණේ රාජපක්ෂ කල්ලිය කටයුතු කළ අතර එයට ප්‍රතිපක්ෂව ගොඩනැගුණු ඉස්ලාම් අන්වාදී කණ්ඩායම්ද නඩත්තු කර ඇත්තෙ එම රාජපක්ෂ කල්ලිය විසින් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

එය අලි සබීර්ගේ වඳසැත්කම් නාඩගම සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයෙන් සහ දයා ජයතිලක විසින් සහරාන්, හිස්බුල්ලා, හිරු, දෙරණ සහ ගෝඨා සම්බන්ධය හෙළිකරමින් පළ කර තිබූ ෆේස් බුක් පෝස්ටුවෙන් ද තහවුරු වෙයි.

එමෙන්ම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කළ සහරාන්ලාට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ පඩි ගෙවූ බව එවකට ජනමාධ්‍ය ඇමතිව සිටි කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රසිද්ධියේම සිදුකළ ප්‍රකාශයෙන්ද තහවුරු වෙයි.

එමෙන්ම රිස්වාන්ගේ සොහොයුරා රිල්වාන් බෝම්බ අත්හදාබැලීමකදී එය පුපරායාමෙන් තුවාල ලැබීමෙන් පසු ඔහුව සුවපත් කිරීම සඳහා කොළඹ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලකට ගෙන එනු ලැබූ බවත් එම රෝහලේ වෛද්‍ය වරයා අදතටත් නිරුපද්‍රිතව සිටින බවත් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රකාශ කළ අතර උන්වහන්සේ ප්‍රකාශ කරන එම වෛද්‍යවරයා 2015 මහ මැතිවණයේදි මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට දත කෑ කණ්ඩායමේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂක මහාචාර්ය රිෂ්වි ශෙරීෆ් ය.

මේ සියලු කරුණුවලින් තහවුරු වන්නේ සිංහල ජාතිවාදය මෙන්ම ස්ලාම් අන්තවාදයද පෝෂණය කර ඇත්තේ රාජපක්ෂ කඳවුරෙන්ම බවය.

මේ අලි සබ්‍රිගේ ප්‍රකාශයෙන් ඉස්මතුවන කාරණය වන්නේ මෙවර ගෝඨාභය රාජපක්ෂ පරාජයවූවිට යලිත් එම සුපුරුදු ලෙස ජාතිවාදය ඇවිසීමේ ගෝත්‍රවාදී ක්‍රියාමාර්ග දියත් කරන බව නොවේද?

සහරාන්ට පඩිගෙවපු අයයි… සහරාන් රැකගත්තු අයයි සැපට නාගන්නවා…

සහරාන්ට පඩිගෙවපු අයයි… සහරාන් රැකගත්තු අයයි සැපට නාගන්නවා…

Posted by ඉස්කුරුප්පු ඇණේ – iskuruppu ane on Wednesday, October 2, 2019
රිස්වාන්ගේ මල්ලිට බෙහෙත් කළ කවුද මේ මහාචාර්ය රිස්වි ෂෙරීෆ්…

රිස්වාන්ගේ මල්ලිට බෙහෙත් කළ කවුද මේ මහාචාර්ය රිස්වි ෂෙරීෆ්…

Posted by ඉස්කුරුප්පු ඇණේ – iskuruppu ane on Wednesday, July 31, 2019

Leave a Comment

Your email address will not be published. Required fields are marked *