LOADING

Type to search

Gossip

අනේ අපොයි – මිලියන බිලියන නොදන්න “විකටවංශ”ගේ හතර විලිලැජ්ජා නැති කතා

Share

“විකටවංශ” යන සුරතල් නාමයෙන් හඳුන්වන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන පුරෝහිතයෙකු වන විමල් වීරවංශ නැමැත්තා හතර මිලියන නවසිය හැටදාහ යනු කෝටි හතර හමාරක් යැයි ප්‍රකාශ කරයි.

ගණිතය පිලිබද නිතර නවතම සොයාගැනීම් සිදුකරන “විකටවංශ” හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක් (4,966,244) යනු රුපියල් කෝටි හතර හමාරකට වැඩි මුදලක් බව ඊයේ (16) ප්‍රකාශ කළේය.

ඒ, ඊයේ කලාකරුවන් පිරිසක් සමඟ පැවැත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන මාධ්‍ය හමුවකදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ වියදම් පිළිබඳ කරුණු දක්වමිනි.

“මේකෙ තියනවා 2016න් පසු විවෘත කරනු ලැබ ඇති ගම්මානවල සමරු ඵලක හෝ ශිලා ඵලක සඳහා මුළු පිරිවැය. රුපියල් කෝටි හතර හමාරකට වැඩියි. හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක්, ඒ කියන්නෙ කෝටි හතර හමාරකට වැඩියි. ඵලක විතරයි මේ. ගහපු කටවුට් ගැන නැහැ මේකෙ. දාපු දැන්වීම් ගැන නැහැ. අභියෝග කරනවා පුළුවන් නම් ඔය කියන ඊනියා ගම්මානවල ගෙවල් හදන්න කෝටි කීයක් ගියාද කියලා කියන්න” යනුවෙන් ප්‍රකාශ කරන ලදි.

හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක් යනු හතළිස් නවලක්ෂ හැටහය දහස් දෙසිය හතළිස් හතරකි (4,966,244). එය කෝටි හතර හමාරක් නොවේ. ඔහු මීට පෙර උඩ දෙකෙන් යට දෙක කැපුණු විට බිංදුවක් වන බවට සමීකරණයක් ද එළි දැක්වූවෙකි.

දුයිෂේන් අඩවිය ෆේස්බුක් පිටුවෙන්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *