LOADING

Type to search

News

අනුරගේ කෘෂිකර්ම ඇමති නම් කරයි

Share

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාව පත් කරනු ඇති බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් අතර සහ ගොවි ජනතාව අතර කතා බහක් පැතිර යමින් තිබේ.

ඒ පසුගිය 22 වනදා ගන්නොරුවේදී පැවති ජාතික ජන බලවේගයේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් එහි ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා සිදු කළ කතාවේදී ලබාදුන් ඉඟියක් හේතුවෙනි.

එහිදී අනුර දිසානායක මහතා පැමිණ සිටි පිරිසට පැනයක් යොමු කරමින් සඳහන් කර සිටියේ “මේ රට ගොඩනැගීම සඳහා ශක්තිමත් දැක්මක් සහිත කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට තියෙන ප්‍රශ්නෙ තමයි, කට්ටිය අපෙන් අහනවා ඕගොල්ලන්ගේ ප්‍රතිපත්තිනම් හොඳයි, ඕගොල්ලන්ට කරන්න කට්ටිය නැහැනේ. මම අහන්නම් එකක්. දැන් කෘෂිකර්මාන්තය කරපු කට්ටිය කවුද? චමල්, මහින්ද යාපා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, හැරිසන්. මේ අය තමයි ඒ ගොල්ලන්ගේ කෘෂිකර්මානාතය පාලනය කෙරුවේ. ඒ ගොල්ලන්ගේ කෘෂිකර්මාන්තය පාලනය කරපු ඔක්කෝටම වඩා හොඳට අපේ කෘෂිකර්මාන්තය පාලනය කරන්න පුළුවන් අපේ නාමල්ට. මොකද කියන්නේ? බැරිද? පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපි කියන්නේ මේ තනි පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වයක් ගැන නෙවෙයි. අපි සාමූහිකත්වයක් විශ්වාස කරන මිනිස්සු. ඒ නිසා මේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉතාමත් හොඳයි ක්‍රියාත්මක කරන්න පුළුවන් සාමූහික කණ්ඩායමක් අපි ගාව ඉන්නවා.” යනුවෙනි.

අනුර දිසානායක මහතා මෙලෙස ප්‍රකාශ කිරීමත් සමග මේ වනවිට නාමල් කරුණාරත්න මහතාට දුරකථන ඇමතුම් ගලා එන බවද වාර්තා වේ. විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධ ඉහළ නිළාරියාගේ සිට පහළම නිළධාරියා දක්වා අති බහුතරයක් නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම ඇමති ධුරය හොබවනු ඇති බවට බලාපොරොත්තු ඇතිකරගෙන තිබෙන බවත් වාර්තා වේ. ඔවුන් පවසන්නේ කෘෂිකර්මාන්තය ගැන ප්‍රායෝගික අත්දැකීමක් ඇති ගොවි නායකයෙකු ලෙස ඔහු මෙරට කෘෂිකර්ම ඇමතිවරයා වුවහොත් තීන්දු තීරන ගැනීමටත්, ප්‍රායෝගිකව කටයුතු කිරිමටත් ඉතා පහසු වනු ඇති බවය.

තම ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස සුදුසුයැයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ නාමල් කරුණාරත්න මහතා සම්බන්ධයෙන් මේ වනවිට මුළු රටම හඳුනාගෙන සිටින්නේ ගොවිජන අරගලයේ පෙරගමන් කරුවා ලෙසය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ට විද්‍යාර්තයෙකි. ඔහු 2004, 2010 කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාය. මේ වනවිට ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවද නියෝජනය කරයි.

මේ සියල්ලටමත් වඩා ඔහු වත්මන් ආණ්ඩුව සමයේදී මෙන්ම ඊට පෙර පැවති ආණ්ඩුව සමයේදීද ගොවි ජනතාව මුහුනදෙන ප්‍රශ්න කෙරෙහි මැදිහත් වෙමින් එම ප්‍රශ්න විසාඳා ගැනීමට අදාළව ප්‍රායෝගිකව වැඩපිළිවෙල යෝජනා කළ කරන නායකයෙකි. ඒ තුළින් ගොවි ජනතාවට ජයග්‍රහන රැසක් අත්පත් කර දුන් නායකයෙකි. ඒ නිසාම ගොවි ජනතාව අතුළු රටේ සමස්ත ජනතාව අතර ඔහු පක්ෂ, පාට බේදයකින් තොරව ගොවි රජ්ජුරුවෝ යැයි ප්‍රසිද්ධියට පත්ව සිටියි..

රාජ්‍ය නිලධාරීන්, මැති ඇමතිවරු, ගොවිජනතාව සහ ජනමාධ්‍ය අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගාගනිමින් ඔහු ගොවි ගැටළුවලට සැබෑ ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කළ ගොවි නායකයෙකි. එමෙන්ම නාමල් කරුණාරත්න මහතා “සංතෘප්ත ගොවි දිවියක් තිරසර කෘෂි දර්ශනයක්” ලෙස නම් කර ඇති ජාතික ජන බලවේගයේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සැලසුම් කිරීමේ කමිටුවේ සාමාජිකයෙකුද වේ.

අනුරගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති නම්කරයි…

අනුරගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති නම්කරයි…

Posted by ඉස්කුරුප්පු ඇණේ – iskuruppu ane on Wednesday, October 23, 2019

1 Comment

  1. sex-tube November 27, 2019

    When some one searches for his vital thing, thus he/she needs to be
    available that in detail, so that thing is maintained over here.

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *