LOADING

Type to search

News

අනුරගේ ආණ්ඩුවේ රාජ්‍ය සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර අහෝසියි – කැබිනට් සහ නියෝජ්‍ය 30යි

Share

ජාතික ජන බලවේගය සිය රජය මගින් රාජ්‍ය ඇමතිවරු පත්කිරීම සහ කැබිනට් නොවන ඇමතිවරු පත්කිරීම මුළුමනින්ම අහෝසි කරන බවත් සිය රජයේ ඇමති මණ්ඩලය තිහකටත් නියෝජ්‍ය ඇමතිවරු 30කටත් සීමා කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපිත ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියි.

එමෙන්ම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන රටේ ව්‍යාවස්ථාවට ඇතුළත් කරමින් ජනතාව හා බැඳෙන නීතිමය ලියවිල්ලක් බවට පත් කරන බවද අනුර දිසානායක මහතා අවධාරණය කළේ ය.

ඒ මහතා මේ බව පැවසූවේ අද (26) කොළඹ පදනම් ආයතයේ පැවති “දේශයේ අපේක්ෂාව” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *