LOADING

Type to search

News

අනුරගේ ආණ්ඩුවේ මුදල් ඇමති නම් කරයි…

Share

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා ජනාධිපති වුවහොත් ඉන් අනතුරුව පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පිහිටුවන ලබන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කිරීමට නියමිතව ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිවෙමින් තිබේ.

මෙම කතාබහ දේශපාලන කරලියේ ඉහළටම පැමිණ ඇත්තේ ඊයේ (22) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා විසින් සිදු කරනු ලැබූ ඉඟියකින් පසුවය.

එහිදී අනුර දිසානායක මහතා, දශක තුනකට ආසන්න කාලයක සිට කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, රවී කරුණානායක, මංගල සමරවීර ආදී හිටපු මුදල් ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන් පැහැදිලි කරමින් ඔවුන්ට වඩා ආර්ථිකය ගැන බොහෝ දැනුමැති, කැපකිරීමක් තිබෙන, වංචාවට දූෂණයට විරුද්ධවද කටයුතු කරන ආර්ථික ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මුදල් ඇමත්ධුරය සඳහා යෝග්‍ය නොවන්නේදැයි ජාතික ජන බලවේගයේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාට එක්ව සිටි ව්‍යාපාරිකයන්ට, ආචාර්ය මහාචාර්වරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට ප්‍රශ්නයක් යොමු කරමින් පවසා සිටියේ ය.

“ඔය හතරදෙනත් එක්ක බලපුවහම, අපි උපකල්පනය කරමු අපේ හඳුන්නෙත්ති සහෝදරයා. ඒ හතර දෙනාට වඩා මොනවගෙන්ද අඩු කියලා මට කියන්න. මම එකයි කියන්නේ. ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමෙන්ද? මහජනයාගේ මුදල් සොරකම්, නාස්ති නොකර කටයුතු කිරීම වැදගත් නැද්ද? ආර්ථික ක්ෂේත්‍රයන් පිළිබඳව අවබෝධයක් නැද්ද? මා හිතනවා මෙතෙක් හිටපු හැම…” ආදී ලෙස කියමින් සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධයෙන් සහතිකයක්ද ලබා දෙයි.

කෙසේ නමුත් මේ වනවිට සුනිල් හඳුන්නෙත්ති මහතා අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා කිරීමට සැලසුම් කර ඇති බවට වන ආරංචිය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ අස්සක් මුල්ලක් නෑර පැතිර යමින් තිබෙවන බවද වාර්තා වේ.

ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රවල ප්‍රවීනයන් කිහිපදෙනකු අප සමග පැසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපති ලෙස සිටිමින් ජනතා දේපළ සහ ජනතා මුදල් ආරක්ෂා කරගැනීමට දරන වෙහෙස මහන්සිය සහ කැපකිරීමත්, ජනතා මුදල් දූෂනයට ලක්වන තැන් ගැන සොයා ගන්නා සූක්ෂම ප්‍රශ්න කිරීම් ආදිය දෙසත්, විශේෂයෙන් රටේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධයෙන් ඔහු දක්වන ආකල්පයත් අනුව කුමන ආණ්ඩුවක හෝ ඔහු වැනි මන්ත්‍රීවරයෙකු මුදල් ඇමති වන්නේනම් එය රටේ භාග්‍යක් වනු ඇති බවය.

ඔහු මෙරට මුදල් ඇමති වෙතැයි ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීනයන් තුළ සුභවාදී බලාපොරොත්තු ඇතිවී තිබෙන බවද ඔවූහු වැඩිදුරටත් සඳහන් කරති.

පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරු අතර සුනිල් හඳුන්නෙත්ති මහතා සිටින්නේ සිව්වන ස්ථානයේ ය.

අනුරගේ ආණ්ඩුවේ මුදල් ඇමති නම් කරයි

අනුරගේ ආණ්ඩුවේ මුදල් ඇමති නම් කරයි

Posted by ඉස්කුරුප්පු ඇණේ – iskuruppu ane on Tuesday, October 22, 2019

Leave a Comment

Your email address will not be published. Required fields are marked *