LOADING

Type to search

News

අධිවේගී 5G ඉන්ටර්නෙට් සමග ගෝඨාභයගෙන් කට්ටඩියන්ට ජාතික තනතුරක් !

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (25) එළිදැක්විණි.

ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවක් ලෙස සඳහන් කර තිබෙන්නේ ත්‍රස්ත චෝදන මත අත්අඩංගුවට ගෙන සිටින සියලු දෙනාට එරෙහිව මාස තුනක් ඇතුළත නඩු පැවරීම සිදු කරන බවයි. එසේ නඩු පැවරිය නොහැකි සියලු දෙනා නිදහස් කිරීමට පියවර ගන්නා බවද රාපක්ෂ මහතා සඳහන් කරනවා.

මේ වනවිට ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගත් සැලකිය යුතු පිරිසක් සිටින අතර කෙසේ වෙතත් ඔවුන්ට එරෙහිව තවමත් නඩු පවරා නොමැත. මෙම පුද්ගලයන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ අත්අඩංගුවට පත්වූවන් වන අතර ඇතැම් පුද්ගලයන් ‍කිසිදු චෝදනාවකින් තොරව වසර 10 කට වැඩි කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටී.

අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා දැනට භාවිතා කරන 4G තාක්ෂණය වෙනුවට අධිවේගී 5G තාක්ෂණය හඳුන්වා දෙන බවත්, 5G ජාල පද්ධතියක් ස්ථාපිත කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

මීට අමතරව බලි-තොවිල් සිදු කරන, ශාන්තිකර්ම සිදු කරන කට්‍ටඩියන්ගේ ගැටලු සොයා බලා විසඳුම් ලබා දීමට සංස්කෘතික අමාත්‍යංශය යටතේ නියාමන ඒකකයක් ස්ථාපිත කිරීමට ද ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරයි.

එක් පැත්තකින් නවීන තාක්ෂණය දියුණු කිරීමට හා අන්තර්ජාල පහසුකම් දියුණු කිරීමට යෝජනා කරමින් අනෙක් පැත්තෙන් ජනතාව අඳුරට යොමු කරන, ඔවුන් නොමග යවා ඔවුන්ගේ මුදල් පසුම්බියට තට්ටු කරන හොර කට්ටඩියන්ට වටිනාකමක් ලබාදීමට හා ඔවුන් රජයේ ලියාපදිංචි කිරීමට යෝජනා කිරීම තේරුම් ගත නොහැකිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාාවේ සිටින නායකයන් නිතර කතාබහ කරන්නේ තාක්ෂණික දියුණුව පිළිබඳවය. එසේ කතා කරමින් අවිද්‍යාව විඤ්ඤානවාදය හරහා ජනතාව නොමග යවන කට්ටඩියන් නගා සිටුවීමට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් යෝජනා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *