LOADING

Type to search

News

හඬ පටය ලීක් කරගත් දිල්රුක්ෂිගේ වැඩ තහනම්

Share

දූෂිත ඇවන්ගාඩ් වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන ඇවන්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපති සමග දුරකථන සංවාදයක නිරතවූ වත්මන් සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට නීති නිරෝධි ලෙස පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් මුදලාලි නිස්සංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නඩු පවරන සමයේ එහි අධ්‍යක්ෂක ජෙනරාල් ධුරය හොබවනු ලැබුවේ දිල්රුක්ෂි ඩයස් මහත්මිය.

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ෂංක සේනාධිපති මහතා සහ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතර සිදුවූ  දුරකථන සංවාදයක් පසුගියදා සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලවලට නිකුත් කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

එම හඬපටයේ ඇත්තේ තමන්ගේ හඬ බවත් එම දුරකථන ඇමතුම ලබාදීමට සම්බන්ධ වූ ඇමතිවරයා සහ සම්පූර්ණ හඬ පටය හැකිනම් නිකුත් කරන ලෙසත් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පසුව අභියෝග කර තිබිණි.

මෙවැනි පසුබිමක නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල්වරිය ලෙස කටයුතු කරන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඊයේ (23) දිනයේදී නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදුකළේය.

මෙවැනි වාතාවරණයක අද (24) රාජ්‍ය සේවා කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවට දුරකතනයෙන් දැනුම් දී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර ජතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක මහතාත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් මේම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ එම දුරකථන ඇමතුම ලබා ගැනීමට මැදිහත්වූ ඇමතිවරයා කවුරුන්ද යන්න හෙළිදරව් කළ යුතු බවත් දේශපාලන බලපෑම් කළේ කවුරුන්ද යන්න රටට හෙළි කළ යුතු බවත්ය.

කෙසේ වෙතත් මෙම ඇවන්ගාඩ් අල්ලස් නඩුව අල්ලස් කොමිසම විසින් නිසායාකාරව තාක්ෂණික කරුණු මත පිහිටා පවරා නොතිබීම හේතුවෙන් එහි චූදිතයන් නිදහස්වූ අතර ඔවුන්ට විරුද්ධව යළි නඩු පැවරීමටද නියමිතය.

මෙම නඩුවේ චූදිතයන් දෙදෙනෙකු වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය හා ඇවන්ගාඩ් මුදලාලි නිස්සංක සේනාධිපති මේ වනවිටත් අධිකරණය මගහැර විදේශගව සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *