LOADING

Type to search

News

සජිත්ගේ කැබිනෙට්ටුවේ මුදල් ඇමති රවී…

Share

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුර අපේක්ෂකත්ය ලබාදුනහොත් තමන් එක්සත් ජාතික පක්ෂය තුළ නොසිටන බවත් තමන්ට රෙදි ඇඳගෙන එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් මැතිවරණය ප්‍රචාරක කටයුතු මෙහෙයවිය නොහැකි බවටත් ප්‍රකාශ කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් මේ වනවිට එම මතය වෙනස් කරගිනිමින් සිටින බව වාර්තා වේ.

ඒ තමන් මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වී පෙර ගමන් කරුවා ලෙස යනවිට එහි අමාත්‍ය මණ්ඩලයේ ඉහළම වටිනාම ඇමතිධුරවලින් පිදුම් දෙන්නට තමන් සූදානම් යැයි සජිත් ප්‍රේමදාස මහතා ඒ ඒ ප්‍රබලයන් හමුවී කතාකා කරගෙන තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමසාද මහතා ඊයේ (26) පැවති කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමට පෙර අළුයම රවී කරුණානායක මහතාගේ නිවසමටම ගොස් ඔහු හමුවී ඇති අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ තමන් ගම්මට්ටම, බිම්මට්ට, වෙලේ, කොළේ, නියරේ ඇවිදල වැටපැනපු කෙනෙක් ලෙස මගේ කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමති ධුරය දැනට පවතිනවාටත් වඩා බලතල ඇතිව රවී කරුණානායක මහතාට ලබාදීමට සූදානම් බවයි.

ඒ අනුව එම පොරොන්දුවට රවී කරුණානායක මහතාගේ බිරිඳ හා දියනියද එකඟවී ඇති අතර ඒ අනුව අවී කරුණානායක මහතාද ඊට එකඟවි ඇත.

කරුණු වාර්තාවන ආකාරයට සජිත් ප්‍රේමදාස මහතා සිය යෝජනාව තම බිරිඳ මගින් රවී කරුණානායක මහතාගේ බිරිඳට දුරකථනයෙන් අමතා සඳහන් කර තිබී ඇත්තේ මීට දින දෙකකට පෙරය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *