LOADING

Type to search

News

මේ නැමෙන්නේ ඒ කුඩු මන්ත්‍රීද?

Share

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පොලොන්නරු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දෙකට තුනට නැමී වැඳවැටෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

මෙම මන්ත්‍රීවරයා මත් කුඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් පාසල් සිසුන් ඉලක්කකර කුඩු අලෙවි කරන බටත් පසුගිය කාලයේ රාවයක් පැවති අතර එය සනාත කරමින් ඔහුගේ නිල රතයක මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී ඔහුගේම ඥාති පුත්‍රයෙකු ඇතුළු තරුණයන් දෙදෙනෙකු සමග 2019 ජුලි 19 වනදා රාත්‍රියේ පොලිස් මත්ද්යනාශකකාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙක් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ ඥාති සහෝදරයෙකු වන හේමන්ත හෙට්ටිආරච්චි නැමැත්තාගේ පුත්‍රයා වන ධනුෂ්ක හෙට්ටිආරච්චි වන අතර අනෙක් තරුණයා අපරාධ සම්බන්ධයෙන් නම ගිය “ටොපියා” යන අනුවර්ත නාමයක් ඇති අයෙකි.

මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය පාසල් ළමුන් ඉලක්කකර බෙදාහැරීමේ ජාවාරමක් මොවුන් විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවය.

මේ අතර මෙම මන්ත්‍රීවරයා විසින් රට පුරා ස්ථාන කිහිපයක පවත්වාගෙන යන වාහන එකලස් කිරීමේ ආයතන තුළ නීති විරෝධී ලේස වාහන “බට්” කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවත් එවන් රථයක්ද පසුගියදා අත්අඩංගුවට පත් වූ බවටත් සමාජ මාධ්‍යවල වාර්තා පල විය.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ ගාල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙවැනි වාහන එකලස් කිරීමේ ආයතනයක සිදු කරන අපරික්ෂාකාරී කටයුතු හේතුවෙන් එම ආයතනය ඉදිරියෙන් ගමන් ගත් කාන්තාවකද ජීවිතක්ෂයට පත්වූ අතර ඒ සම්බන්ධයෙන් හෝ නීතිය සාධාරණව ඉටුවූ බවත් වාර්තා නොවේ.

අඩුම තරමේ තමන්ට එල්ලවී ඇති කුඩු චෝදනා සම්බන්ධයෙන් හෝ මෙම මන්ත්‍රීවරයා මෙතෙක් නිර්දෝශී බව ප්‍රකාශ කර නොමැති අතර අඩුම තරමේ එම දිනවල ඔහු දේශපාලන කරලියට හෝ පැමිණියේ නැත.

තම නායකයන් ඉදිරියේ දනින් වැටී කෙම් පහන් කරන්නේ තම ජාවාරම් රැකගැනීම වෙනුවෙන් යැයි රෝෂාන් රණසිංහ මන්ත්‍රීවරයා දෙකට තුනට නැමී වැඳ වැටෙන ඡායාරූපය දකින පොලොන්නරුවේ බොහෝ ජනතාව ප්‍රකාශ කරති.

2 Comments

  1. oxumagui October 13, 2019

    http://mewkid.net/buy-xalanta/ – Amoxicillin 500mg Capsules Amoxil Dose For 55 Pounds xzu.btck.iskuruppuane.com.qab.xv http://mewkid.net/buy-xalanta/

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *