LOADING

Type to search

News

භික්ෂූන් වහන්සේලාගේ යෝජනාවට ඒකාබද්ධයේ පිරිසක් විරුද්ධ වෙයි – චමල් ගැනත් යෝජනාවක්

Share

කිසියම් හෝ හේතුවකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් නොමැති වුවහොත් ඒ සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නම් කරන ලෙස පොහොට්ටු පක්ෂයට ප්‍රබල ලෙස වැඩකටයුතු කරන හික්ෂුන් වහන්සේලා පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගෙන කර ඇති ඉල්ලීමට වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩිව්. ගුණසේකර, තිස්ස විතාරණ අතුළු පිරිසක් සිය විරෝධතාවය පල කර තිබේ.

ඔවුන්ගේ ප්‍රධාන යෝජනාව වී ඇත්තේ කිසියම් හෝ හේතුවකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් නොමැති වුවහොත් ඒ සඳහා ඉදිරිපත් කළ යුතු හොඳම චරිතය චමල් රාජපක්ෂ මහතා බවයි.

යම හෙයකින් චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේනම් තමන්ගේ සාහයද හිමිවන බව කුමාර වෙල්ගම මහතා වාසු, දිනේෂ් ඇතුළු කණ්ඩායමට මේ වනවිටත් ප්‍රකාශ කර ඇත.

මෙලෙස අන්ත උක්ත යෝජනා දෙක ඉදිරිපත් ව ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳ කරුණ තහවුරු කරන තුරු ඔහුගේ මෙරට පුරවැසිභාවය අත්හිටුවීමේ නියෝගයක් රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්ව ඇති පෙත්සම විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය තීරණය කළ අතර එහිදී යම් හෙයකින් වාරණ නියෝගයක් ලබා දෙනු ලැබුවහොත් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සිදුවන්නේනම් කුමක් කරන්නේද යන්න පිළිබඳව මේ වනවිට පොහොට්ටු පක්ෂය තුළ පැන නැග ඇති සාකච්ඡාව හේතුවෙනි.

මේ අතර අද (30) පස්වරුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්ද පොහොට්ටු පක්ෂය විසින් කැඳවා ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පාර්ශව දෙකකින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නමත් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ නමත් යෝජනා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙලෙස අද පස්වරුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක කැඳවා ඇති බවද එම ආරාංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *