LOADING

Type to search

News

පොහොට්ටුවේ කපුවෙක් කප්පම් ගැනීමට වෛද්‍යවරයෙකුගේ බිරිඳක් සහ දියණියක් පැහැරගැනීමට ගොස් මාට්ටුවෙයි…

Share

පොහොට්ටු පක්ෂය විසින් පසුගියදා පිහිටුවනු ලැබූ ශාන්තිකරුවන්ගේ සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ කපුවෙකු සහ කොට්ටෝරුවෙකු (කපු සහායකයා) පොලිස් නිලධාරීන් ලෙස වෙස් වලාගෙන ගොස් වෛද්‍යවරයකුගේ දියණිය සහ බිරිඳ පැහැරගෙන රුපියල් කෝටි 10ක කප්පම් මුදලක් ලබාගැනීමට සැලසුම් කරමින් සිටියදී පොලිසිය වෙත ලැබී ඇති ඔත්තුවක් මත ඊයේ (22) දොඩංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කපුවාගේ පුත්‍රයාද එම ප්‍රදේශයේම ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අතර වෛද්‍යවාරයාගේ දැරිය සහ මෙම කපුවාගේ දරුවා කලකට පෙර එකම ජාත්‍යාන්තර පාසලක එකම පන්තියේ අධ්‍යාපනය ලබා ඇත.

ඔවුන් දෙවන පන්තියේ ඉගෙනුම ලබමින් සිට තිබේ.

මෙම දැරිය අධ්‍යාපයට අති දක්ෂ දැරියක වන අතර කපුවාගේ දරුවාද ඉතාමත් දක්ෂ දරුවෙකි. එහෙත් විශය කටයුතුවලදී මෙන්ම විෂය භාහිර කටයුතුවලදීද කපුවාගේ දරුවා අබිභවා යමින් තම දක්ෂතාවය පෙන්වීමට වෛද්‍යවරයාගේ දැරිය සමත් වී තිබේ. මෙම දැරිය ත්‍යාග ප්‍රදානෝත්සවවලදී ඉහළම සම්මානයට ලක්වන්නියක බවත් කියැවිණි.

තම දරුවාද දක්ෂ දරුවෙකු බැවින් වෛද්‍යවරයාගේ දැරියට ලැබෙන ආකාරයේ ඇගයීමක් තම දරුවාට නොලැබෙන බව පවසා පාසලේ බලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන පසුව එම තැනැත්තා සිය පුතුව වෙනත් පාසලකට මාරු කරගෙන ඇති බවත් ඒ කාලයේ සිට සිසුවිය ගැන කථාබහක් තිබුණ බවත් කියැවේ.

මේ කියන දැරිය පැහැරගෙනයාමට මුල්වී ඇත්තේ දැරිය ගැන අනෙක් දෙමාපියන් මෙම කපුවා සමග සිදුකර තිබෙන වර්ණනාවන්ය.

දෙදෙනාම දෙවැනි වසරේ ඉගෙනුම ලබා ඇති කාලයේ  පාසලේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයකදී වෛද්‍යවරයාගේ දියණිය අංශ කිහිපයකින් දස්කම් දැක්වීම හේතුවෙන් ඇයට සහතික පත්‍ර රැසක් සේම තෑගි බෝග ගණනාවක්ද ලැබී ඇති නමුත් කපුවාගේ දරුවා දක්ෂ දරුවකු වුවත් ඔහුට කිසිම ඇගයීමක් පාසලෙන් ලැබී නැත. මේ ගැන විමසන්නට ගොස් පාසලේ ආරවුලක්ද ඇතිකරගත් කපුවා අමනාපයෙන් එම වසරේදීම දරුවා පාසලෙන් ඉවත් කර වෙනත් පාසලකට දැමීමට කටයුතු කර ඇත.

පසුව දැරිය ගැන ඇසුණ ආරංචි වලදී ඇගේ දක්ෂතා වසරින් වසර ඉහළ මට්ටමක පැවතීම කපුවාගේ ඊර්ෂ්‍යාවට හේතුවී ඇත.

එසේම එවැනි වටිනා දරුවෙකු පැහැරගෙන ගියහොත් කියන ඕනෑම මුදලක් වෛද්‍යවරයා ලබාදෙනු ඇතිය යන අදහසද පහළවී ඇත.

ඒ අනුව තම සහායකයෙකුද සමග එක්වී දැරිය හා බිරිය පැහැරගෙන විශාල කප්පමක් ලබාගැනීම කපුවාගේ සැලසුමවී තිබේ.

පොලිස් වෙසින් පැමිණ පැහැරගෙන රුපියල් කෝටි දහය‍ෙකප්පම් මුදලක් ලබාගැනීමට මෙහිදී සැලසුම් කර තිබූ බව කපුවාගේ පාපොච්චාරණය අනුව හෙළීවූ බව දොඩන්ගොඩ පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔවුන් සතුව තිබී බෝම්බ සෑදීමට යොදා ගන්නා වෙඩි බෙහෙත්, සේවා නූල්, බයිසිකල්වලට යොදන යකඩ බෝල විශාල ප්‍රමාණයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

මේ දිනවල සැරියගේ පියා වන වෛද්‍යවරයා විදෙස් රටක සංචාරය කරමින් සිටින නිසා පැහැරගැනීම ඔහු නැති අවස්ථාවක සිදු කිරීමට ඔවුන් දිනයොදාගෙන තිබී ඇත. පොලිස් වෙසින් නිවසට ගොස් පැහැරගැනීම සිදු කර සැකකාර කපුවාට අයත් පාළු නිවෙසක රඳවා කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලන ආකාරයද සැලසුමේ තිබී ඇත.

පැහැරගන්නා සැලසුම ව්‍යර්ථ වුවහොත් බෝම්බයක් පුපුරුවා වෛද්‍යවරයාගේ බිරිය හා දියණිය ඝාතනය කිරීමටද වැඩිදුරටත් සාකච්ඡා කර තිබූ බව අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගෙන් තොරතුරු අනාවරණය වී ඇත.

කපුවා සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් සැරයන්වරයකුගේ නිල ඇඳුමකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක්ද හමුවී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සැලවීමෙන් පසු ප්‍රධාන සැකකරුගේ බිරිය විසින් පොලිස් නිල ඇඳුම් මුළුතැන්ගෙයි පෝරනුවේ දමා පුලුස්සා ඇති අතර එහි කොටස් සහ අළු සොයාගැනීමටද පොලිසිය සමත්ව ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන් පැය 48 රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කරන බව දොඩන්ගොඩ පොලිසිය දන්වා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *