LOADING

Type to search

Gossip News

දූෂිත ඇවන්ගාඩ් වංචාව පිළිබඳ විවාදයකට එන්නැයි අනුර ගෝටාභයට අභියෝග කරයි…

Share

දූෂිත ඇවන්ගාඩ් වංචාව පිළිබඳව තමන් සමග විවාදයකට එන්නැයි එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර ගෝටාභය රාජපක්ෂ මහතාට අභියෝග කර සිටියේය.

ඒ හිරු ටීනී සළකුණ වැඩසටහනේදීය.

එම ව්‍යාපාරය සම්බන්ධයෙන් එහි අධිපතිවරයා සමග විවාදයකට සූදානම් දැයි හිරි මාධ්‍ය වේදී සුදේව මහතා විමසීමට උත්සාහ ගත් අවස්ථාවේ අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ තමන්ට ප්‍රශ්නය ඇත්තේ එම ව්‍යාපාරය සම්බන්ධයෙන් නොව නාවික හමුදාව මගින් නැව් ආරක්ෂක සේවය පවත්වාගෙන යමින් රජයට ආදායම් උපයා දෙමින් සිටියදී එය කිසිම සාධාරණ හේතුවක් නොමැතිව පෞද්ගලික අංශය වෙත ලබා දෙනු ලැබුවේ කුමන අරමුණකිනද යන්න බවයි.

එම ප්‍රශ්න කිරීම තමාට ඇත්තේ එම ව්‍යාපාරය ලබාගත් ව්‍යාපාරිකයා සමග නොව එම ව්‍යාපාරය පුද්ගලයෙකු අතට පවරා දුන් ආණ්ඩුව සමග බවත් එහි වගකවයුත්තා ගෝඨාභය රාජපක්ෂ බවත් ඒ අනුව තමන් ගෝඨාභය රාජපක්ෂට තමන් සමග ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයට පැමිණෙන ලෙසත් අනුර දිසානායක මහතා අභියෝග කර සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *