LOADING

Type to search

News

ගෝඨාභයට හොර පාස්පෝට් එක දුන්නේ රනිල් කියපු නිසා – වජිර සියල්ල වමාරයි

Share

ද්විත්ව පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත යැයි භ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විමර්ශන කණ්ඩායම් හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

තවමත් ද්විත්ව පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ද්විත් පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා තමන් සතුව තිබූ ඇමරිකන් ගුවන් ගමන් බලපත්‍රය ආපසු අදාළ රාජ්‍ය ආයතන වෙත භාර දීමෙන් පසු ඔහුට එහි කටයුතු නිරාකරණය වන තුරු මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් නොලැබෙන අතර එතේක් ඔහු ඉවසීමෙන් කටයුතු කළ යුතුය.

එහෙත් ඔහුට පසුගිය කාලයේ විදේස් ගතවූ අතර විශේෂයෙන් සිංගප්පූරුවේ රෝහලක හෘද සැත්කමක් සිදු කර මාස ගණනාවක් ප්‍රතිකාර ලබාගත්තේය.

එම විදෙස් ගමන සඳහා මෙරටින් පිටව යාමට ඔහුට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍රයක් නොතිබුණු බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජුවම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා තමන්ට මෙරට සිංගප්පූරුවට යාම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් අවශ්‍ය බවත් එල් ලබා ගැනීමට නීතිමය පසුබිමක් නොමැති බැවින් ඒ සඳහා මැදිහත්වී විදේශ ගමන් බලපත්‍රයක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇත.

ඒ අනුව භ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අමතන අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වාහම මැදිහත්වී ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස නියෝග කර ඇත.

ඒ අනුව නීතිවීරෝධීව නිකුත් කර ඇති මෙම විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් බව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාෂ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙම විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් බව සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 14 වන දින පොලිස් මූලස්ථානයට මෙම පැමිණිල්ල ලැබී ඇති අතර ඒ අනුව එම පැමිණිල්ලේ සඳහන් කරුණු පිළිබඳව මූලිකව පරික්ෂා කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත යොමු කර ඇත. එහිදී සිදුකළ මූලික පරීක්ෂණවලදි අනාවරණය වූ කරුණු මත වැඩිදුරටත් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම පැමිණිල්ල යොමු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුවව එහිදී ද මූලිකව පරීක්ෂණයක් සිදුකර ඇති අතර කරන ලද පරීක්ෂණයේදී විමර්ශනයක් ආරම්භ කිරීමට තරම් කරුණු ඇති බවට අනාවරණය වූ බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විමර්ශනයක් ආරම්භ කිරීම් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීම නෛතික අවශ්‍යතාවයක් බැවින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බවට ඊයේ (20) දින අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කරමින් බී වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

විමර්ශනය ආරම්භ කළ බවට පමණක් මෙම බී වාර්තාව මඟින් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශනය සිදුකර වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *