LOADING

Type to search

News

ගෝටාට උතුරේ ජනතාව සැකැයිලු : ලලිත් – කූගන් නඩුවට උසාවි යන්නත් බෑ කියයි…

Share

කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙයි : ලලිත් – කුගන් නඩුවෙන් ගෝටා යළිත් පැන යන ලකුණු…” යනුවෙන් ඉස්කුරුප්පු ඇණේ වෙබ්අඩවිය පසුගිය පසුගිය 21 වනදා colombotrust.com වෙබ්අඩවියේ ප්‍රවෘතියක් මූලාශ්‍ර කරගනිමින් ප්‍රවෘතියක් පල කර සිටි අතර ඉන් සඳහන් වූයේ ගෝටාබය රාජපක්ෂ මහතා මෙම නඩුව මගහැරයාම සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටින බවය. මේ වනවිට එය සනාත වී තිබේ.

“ඕනෑම වෙලාවක මම මගෙ නිවැරදිභාවය ඔප්පු කරන්න සූදානම්.” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ මෙම ලලිත්  – කූගන් නඩුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුට පිළිතුරුදුන් නමුත් අද (27) දින එම නඩුවට පෙනී සිටීම සඳහා ගෝටාබය රාජපක්ෂ මහතා පෙනී නොසිටීම හේතුවෙන් එම නඩුව ලබන මාසය දක්වා කල් දමන ලදී.

ඒ ගෝටාබය රාජපක්ෂ මහතා මෙහි සාක්ෂි ලබාදීම සඳහා මීට පෙර නඩු වාර දෙකකදීම නොපැමිණීම හේතුවෙන්ද එම නඩුව කල් දනමු ලැබූ තත්වයක් තුළය.

මෙම නඩුව අභියාචනාධිකරණය විසින් විභාගයට ගන්නා අවස්ථාවේ එම සිදුවීම විභාගකිරීමට යාපනය මහේස්ත්‍රාත් අදිකරනයට පවරනු ලැබූ නමුත් එහි සාක්ෂි කරුවෙකු වූ ගෝටාබය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ඔහුව ඒ සඳහා යාපනය අධිකරණයට කැඳවීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින්ම නිකුත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ සිය අතුරුතහනම් නියෝගය ලබාගැනීමට හේතු ලෙස ඉදිරිපත් කර ඇත්තේ තමන් යුධ සමයේ හිටපු ආරක්ෂක ලේකම් බැවින් යාපනයට යාමට තරම් ආරක්ෂාව තහවුරු වී නොමැති බවය. ඓසේ පවසන්නේ මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන යැයි කියාගන්නා අපේක්ෂකයෙකුද වන ගෝටාබය රාජපක්ෂ විසින් වීමද විශේෂත්වයකි.

රටේම ජනාධිපතිවීමට දතකන ගෝටාබයට උතුරේ ජනතාව අවිශ්වාසයැයි පැවසීමෙන්ම පෙන්නුම් කරන්නේ ඔහු උතුරේ ජනතාව බෙදා වෙන් කර ඇති ආකාරය වන අතර ඔහු බලයට පැමිණි පසු උතුරට සලකන ආකාරයද මෙයින් පිළිබඹු වේ.

එමෙන්ම ඔහුට ලජ්ජාවක් තිබේනම් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහාද උතුරුට පැමිණිමේ කිසිදු අයිතියක් නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *