LOADING

Type to search

News

කෝට්ටේ පොහොට්ටු නගරාධිපති අවතැන් ජනතාවගේ බත් මුට්ටියත් උස්සයි

Share

පසුගිය දිනවල ඇදහැළුණු ධාරාණිපාත වාර්ෂාව හේතුවෙන් කොට්ටේ නගර සභා බල ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවට රාත්‍රී ආහාරය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ග්‍රාම නිළධාරීවරයා මගින් ජනතාවට ලබාදිම සඳහා සකස් කරන ලද රාත්‍රී කෑම පාර්සල් 650ක පමණ ප්‍රමාණයක් පොහොට්ටු පක්ෂයට බලය හිමි කෝට්ටේ නගරසභාවේ නගරාධිපති මධුර විතානගේ මහතා විසින් බලහත්කාරයෙන් රැගෙනගොස් තිබේ.

පසුගිය 24වනදා මෙය සිදුව ඇති අතර එදින පෙරවරුවේ මෙම නගරාධිපතිවරයා සිය ආධාරකරුවන් පිරිසක් සමග පැමිණ ජල ගැලීමෙන් පීඩාවට පත් ජනතාවට පවසා ඇත්තේ තමන් දිවා ආහාරය ලබාදෙන බවයි. ඒ අනුව ඔහු පිළිබඳ විශ්වාසය තැබූ ජනතාව ග්‍රාමනිළධාරීවරයාටද මේ බව දන්වා ඇති අතර ඒ අනුව නගරාධිපතිවරයා කෑම ලබා දෙනු ඇතැයි සිතමින් ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් කිසිවෙකුත් සකස් කර නැත.

කෙසේ නමුත් දිවාආහාර වේලාව පසුව හෝරා කිහිපයක් ගතවුවද දිවාආහරය ලැබී නැත. පසුව ප්‍රදේශයේ කිහිපදෙනෙකු එකතුවී ආහාර ගැටළුවට විසඳුම් ලබා දී ඇත.

ඉන් පසු රාත්‍රී ආහාර ලබාදීම සඳහා ග්‍රාමනිළධාරීවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද සම්බන්ධ කරගනිමින් කටයුතු කරමින් සිටියදී මධුර විතනාගේ පොහොට්ටු නගරාධිපතිවරයා පිරිසක් සමග පැමිණ එම රාත්‍රී කෑම ප්‍රාර්සල් තොගයද රැගෙන ගොස් තිබේ.

ඒ හේතුවෙන් ජලගැල්මෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට බඩගින්නෙන්ද පීඩාවිඳීමට සිදුව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *