LOADING

Type to search

News

ක්‍රිකට් බෝඩ් එකේ වංචාවකින් පන්නපු ජිනරත්න ගුවන්තොටුපොළේ ඉහළම පුටුවකට

Share

ජපානය සමග ගිවිසුම් ගත ණය මුදලකින් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ ආරම්භ කර ඇති “පේස් ටු වන්” ඉදිකිරීම් සහ අලුත්වැඩියා සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයෙකු සිටියදී වංචා හා දූෂණවලට සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉවත් කරන ලද දූෂිත නිලධාරියෙකු ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.

සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම ජපන් රජය සමග අත්සන් කර ඇති මෙම ණය ගිවිසුම අනුව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමේ කොන්දේසියක් තිබී ඇති අතර ඒ සඳහා ගුවන්තොටුපොළේ හැම අස්සක් මුල්ලක් නෑරම දන්නා දක්ෂ නිළධාරියෙකු වන එස්.එම්.ආර් රෆීක් මහතාව පත්කර තිබී ඇත. ඒ තිබියදී හදියේම, විශයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් වයි.ජී. ප්‍රසන්න බණ්ඩාර ජිනරත්න නම් දූෂිත නිළධාරියාව ඒ සඳහා පත්කර ඇත.

නිශාන්ත රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු කරන සමයේ එහි නිළධාරියෙකු ලෙස කටයුතු කර තිබී ඇති අතර එහිදී ඔහු සිදුකර ඇති වංචා හා දූෂණ හේතුවෙන් ඉන් ඉවත් කර තිබී ඇත.

ඒ සම්බන්ධයෙන් 2016 ජනවාරි මස 17වනදා පළවන ඩේලිමිර්ර් පුවත්පතේද මේ සම්බන්ධයෙන් තොරුතුරු වාර්තාවි තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *