LOADING

Type to search

News

එජාපයේ ප්‍රබලයෙක් ගෝටාභය ලඟට

Share

යම්කිසි හෙයකින්  එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කටයතු කළ හොත් තමන් එක් මොහොතක් එක්සත් ජාතික පක්ෂය තුළ නොරැඳෙන බවත් තමන් එජාපයේ සිටිමින් සජිත් ප්‍රේමදාසට උදව් කරනවාට වඩා ගෝටාභය රාජපක්ෂට උදව් කිරීම තමන්ට නම්බුවක් බවත් එම පක්ෂයේ ඉහළ පෙළේ නායකයෙකු මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ එජාල ප්‍රබලයෙකු සිය සමීපතම දේශපාලන ආදාරකරුවන් කිහිපදෙනා කැඳවා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ගෝඨාභය පාර්ශවය සමගද සාකච්ඡා කර ඇති බවත් තමන් ඔවුන් සමග එක්වන්නේනම් තමන්ට වටිනා ස්ථානයක් ලබාදෙන බනද ඔවුන් පොරොන්දු වූ බවත් මෙම දේශපාලන ප්‍රබලයා ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රබලයා මේ වනවිටත් රටේ ප්‍රධාන මරමස්ථානයක් සහිත ඇමති ධුරයක් හොබවන අතර බැඳුම්කර වංචාවට අදාළ විමර්ශනවලදී දැඩි කතාබවට ලක්වූ ඇමතිවරයෙකුද වේ.

ඔහුට එල්ලවී ඇති බැඳුම්කර වංචාවට අදාළ කරුණු තිබියදී වුවද ඔහු තමන් වෙත පැමිණෙන්නේනම් ඔහුට අදාළ වටිනාකමින් යුතුව ඔහුව පිළිගත් යුතු බවත් ඔහුට කොතෙකුත් චෝදනා එල්ලවුවද ඔහුගේ ඡන්දදායකයින් ඔහුව අතහැර නොයන බවද ගෝටාභය පාර්ශවය තුළ කතාබහට ලක්වී තිබේ.

පසුගිය දින 56 කුමන්ත්‍රණය අවස්ථාවේදීද මහින්ද පිල සමග එකුතුවීමට නියමිතව සිටියද අවසාන මොහොතේ එය වැලකී යනු ලැබුනේ ඒ මොහොතේ එක්සත් ජාතික පාක්ෂිකයින් තුළ ඇතිවී තිබූ පිබිදීම හේතුවෙනි. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සහ දයා ගමගේ මහතා ඔහු සමග සිදු කළ සාකච්ඡාවද ඊට බල පා ඇත.

මෙම එජාප ප්‍රබලයාගේ සාකච්ඡාවය සහභාගී වූ ඔහුගේ සමීපතම ආධාරකරුවන් කිහිප දෙනා එම සාකච්ඡාව අවසන් වී පිටව ගොස් ඇත්තේ ඉතාමත් නොසතුටින් වන අතර ඔවුන්ද ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කළ හොත් ඔහුට උදව් කිරීම තමන්ටද රෙදි ඇඳගෙන කළ හැකි දෙයක් නොවන නමුත් කොන්දක් තියාගෙන ගෝඨාභයට කිසි ලෙසකින්වත් උදව් කළ නොහැකි බවයි.

එම ප්‍රබලයා කුමන තීරණයක් ගත්තද තමන්ට ඔහුව අතහැර දැමිය නොහැකි බව එම ආධාරකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු සඳහන් කර ඇති අතර අනික් අය පවසා ඇත්තේ එවැන්නක් සිදුවුවහොත් තමන් නිහඬව කිසිවෙකුටත් උදව් නොකර එම කාලය තුළ විදෙස් ගතව සිටින බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *