LOADING

Type to search

News

ඇවන්ගාඩ් අල්ලස් නඩුව නිවැරදිව ගොනු කරන්නැයි අධිකරණය බ්‍රයිබරියට දන්වයි – එතෙක් ගෝටා ඇතුළු අට නිදහස්

Share

ගාලු වරාය අසළ මුහුදේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි තිබියදීත් එම නඩුව නිවැරදි ක්‍රමවේදයට ගොණු නොකිරීම හේතුවෙන් එහි විත්ති කරුවෝ වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති ඇතුළු 08 දෙනා නිදොස් කොට නිදහද් කිරීමට අභියාචනාධිකරණය ලබදුන් තීන්දුව අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) කටයුතු කරන ලදී.

ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ පාලිත පියසිරි ප්‍රනාන්ද, කරුණාරත්න බණ්ඩාර සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්නයන හයදෙනාද එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.

මෙම තීන්දුව ප්‍රකාශ කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් සඳහන් කර සිටියේ නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් විත්තිකරුවන්ට එරෙහිව නැවත නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට නීතිමය ඉඩ හසර විවෘතව ඇති බව අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් කර ඇති බවයි.

මෙම නඩුවේ අටවන විත්තිකාරිය ලෙස නම් කර සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ වනවිට අධිකරණය මඟහැර, රාජ්‍ය සේවකයෙකු විදේශගතවීමේදී අනුගමණය කළ යුතු විදේශගතව සිටින බැවින් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ද නිකුත් කර තිබේ.

විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරිමට තින්දු කර ඇති බැවින් දමයන්ති ජයරත්න මහත්මියට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු නැවත කැඳවන ලෙස ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් සඳහන් කර සිටියේ එම වරෙන්තුව දැනටමත් නිකුත් කර ඇති බැවින් ඇය මෙරටට පැමිණ ඇධිකරණයට බාරවීමෙන් පසු අදාළ වරෙන්තුවය අපස් කැඳවීමට කටයුතු කළ හැකි බවයි. ඒ අනුව එම විත්තිකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නැයිද මහේස්ත්‍රාත්වරිය එම නීතිඥවරයාට දැනුම් දුන්නේය.

මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු විසින් දුන් ලිඛිත අනුමැතියට අදාල පිටපත් අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මීට පෙර ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා නියෝග නිකුත් කර තිබුණි.

එම නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම ප්‍රතිශෝධන පෙත්සම ද මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඉන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝග අහෝසි කර තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග අභියාචනාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩුව පවරා ඇති ආකාරය නීතියට පටහැනි හෙයින් එම නඩුවෙන් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නියෝග කර තිබුණි.

මෙම සිදුවීමටම අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් නඩුවක් ගොනු කර ඇති අතර එම නඩුවට අදාළව මේ වනවිට ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇවන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුද නිකුත් කර තිබේ.

ඔවුන් දෙදෙනාම මේ වනවිට අධිකරණය මගහැර විදේශගතවී සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *