LOADING

Type to search

News

අපේ පාලනයක් යටතේ ජනාධිපතිගේ වියදම 90%කින් කප්පාදු කරනවා – අනුර දිසානායක

Share

තම පාලනයක් යටතේ ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය 90%කින්ම කප්පාදු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන බදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය අහෝසි කරන බවත් වැලි, පස්, පතල්, මත්පැන් ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට මන්ත්‍රීවරු වීමට ඇති අවස්ථා අහෝසි කරන බවත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

එමෙන්ම රටේ ආර්ථික අර්බුදය පංච මහා ආර්ථික අර්බුදයන් ලෙස හඳුනා ගන්නා අනුර දිසානායක මහතා, ණය අර්බුදය, ආනයන අපනයන වෙළඳපොළ අර්බුදය, රාජ්‍ය ආදායම හීනවීමේ අර්බුදය, නිෂ්පාදන කඩාවැටීමේ අර්බුදය සහ ආදායම් සාධාරණ ලෙස බෙදී නොයාමේ අර්බුදය ලෙස එය ප්‍රභෙද කර දක්වයි.

රටේ උක්ත පන්ච මහා ආර්ථික අර්බුදයන් විසඳීම සඳහා සැලසුම් සකස් කිරීමේදී රටේ පිහිටීම, රටේ තිබෙන ස්වභාවික සම්පත් සහ රටේ මානව සම්පත රටක් දියුණු කිරීමේදී ප්‍රධාන සාදක තුන ලෙස හඳුනාග්නා අනුර දිසානායක මහතා රටේ පිහිටීම අනුව නාවික කේන්ද්‍රයක් කිරීමටත් ඒ තුළින් ආනයන අපනයන වෙළඳපොළ වර්ධනය කිරීමටත් ඒ සඳහා කෘෂිකර්මාන්තය, ස්භාවික සම්පත් යොදාගනිමින් රට තුළ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ආනයන අපනයන වෙළඳපොළ පරතරය අඩු කිරීමටත් සැලසුම් ඉදිරිපත් කරයි.

කෘෂිකර්මාන්තය අද මුහුණ දී තිබෙන ප‍්‍රධාන ගැටලු ලෙස ඉඩම්, ජලය, තාක්ෂණය, පශු අස්වනු නෙලා ගැනීම, බීජ ප‍්‍රවාහනය, ඇසුරුම්කරණය, අස්වනු ප‍්‍රවාහනය, වෙළදපොළ ආදිය හඳුනාගන්නා අනුර දිසානායක මහතා මෙම ගැටළු නිරාකරණය කරගැනීමට වැදෑරුම් වැඩපිළිවෙලක් යෝජනා කරයි.

එමෙන්ම රටේ මානව සම්පත රටේ දියුණුව සඳහා යොදා ගැනීම ගැන සැලසුම් සකස් කරන අනුර දිසානායක මහතා ඒ සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ක්‍රීඩාව ඉහළ නැගංවීමට කටයුතු කිරීමට අදහස් කරන අතර පාසලේ පළමු ශ්‍රේණියේ සිට 13වන වසර දක්වා අධ්‍යාපනය අනිවාර්ය කරන බවත් ඒ සඳහා වූ සියලු දරුවන්ගේ වගකීම තම රජය සෘජුවම බාරගන්නා බවත් තව දුරටත් අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පටවන්නේ නැති බවත් සහතිකර කර කියා සිටියි.

සෑම දරුවෙකුටම කිලෝමීටර් ‍දෙකක් ඇතුළත ඇති පාසලක් ලබා දෙන බවත් සෑම පාලකටම අවශ්‍ය පූර්ණ පහසුකම් ලබා දෙන බවත් අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

මානව සම්පත දියුණු කිරීමට අධ්‍යාපනය යොදා ගන්නා අයුරු දීර්ඝ ලෙස විග්‍රහ කරන ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ තමන් ඇතුළු ජාතික ජන බලවේගයේ පාලනය තුළ තව දුරටත් ගෘහ සේවය සඳහා, වයෝවෘධ සුද්ධන් සුද්ධියන් බලාගැනීම සඳහා හෝ පිටරට බල්ලන් බලා ගැනීම සඳහා විදේශගත වෙනවා වෙනුවට විවිධ ක්ෂේත්‍රවල (IT, ගෘහනිර්මාන ශිල්පය, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, වැනි) උගත් බුද්ධිමත් මානව සම්පතක් විදේශ සේවය සඳහා යොමු කිරීමට සැලසුම් සකස් කරන බවයි.

එමෙන්ම මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා ක්ෂේත්‍රයේ දැනුමැති උගත් බුද්ධිමත් ප්‍රවීනයන් යොදවා එම ආයතන ලාබ බලන තත්වයට පත් කරන බව සඳහන් කරන අනුර දිසානායක මහතා තමන් 2004 සන්ධාන රජයේ කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත් හා වාරිමාර්ග ඇමතිවරයා ලෙස කටයුතු කන සමයේ මිල්කෝ ආයතනය ලාබ ලබව ආයතනයක් බවට පත් කර එහි ලාභාංශ කිරි ගොවියා වෙත ලබාදුන් ආකාරයද උදාහරණ ලෙස පෙන්වා දෙයි.

මෙලෙස සිය වැඩපිළිවෙල රටට ඉදිරිපත් කරන අනුර දිසානායම මහතා පස්ගිය 19 වනදා රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති ජනතා සභාව ආමන්ත්‍රණය කළ අවස්ථාවේ සිදු කළ සම්පූර්ණ කතාව පහතින් පලවේ.

උක්ත සංස්ෂිපත්යේ අනුර දිසානායක මහතාගේ විග්‍රහාත්මක කතාව පහතින් පල වේ.

“දැන් යළි ජනතාවට අවස්ථාවක් උදාවෙලා තියෙනවා අලුත් පාලනයක් හදා ගන්න. දැන් ජනතාව හමුවේ තෝරාගැනීම් දෙකක් තිබෙනවා. එකක් වසර 71ක් පුරාවටම මේ රට ඇදගෙන ගියපු විනාශකාරිත්වයේ මාවතටම යළි අපේ රටත් අපේ රටේ ජනතාවත් යොමුකරනවාද? එහෙම නැතුව ඒ විනාශකාරී මාවතෙන් මිදිලා නව මාවතකට අපේ රට කැඳවාගෙන යනවද කියන ප‍්‍රශ්නය අපි හමුවේ තිබෙනවා. අපි අද තමුන්නාන්සේලා හමුවෙන්න රත්නපුරයට ආවේ, 71 අවුරුද්දක් මේ අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියෙන් මිදිලා මේ විනාශකාරී මාවතෙන් ගැලවිලා නව මාවතකට අපේ රට යොමු කිරීමේ අවස්ථාව හැටියට මේ ජනාධිපතිවරණය යොදාගන්න කියලා ජනතාවට ආරාධනා කරන්න. එක අවස්ථාවක් තිබෙනවා. අපි දන්නවා මේ 71 අවුරුද්ධ ඇතුළේ ඕන තරම් සිදුවීම් තිබෙනවා. අත්දැකීම් ඇති. ඒ අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගන්නේ නැත්නම් ඒවා ඉතිහාසයේ සිදුනීම් ලෙස ඔහේ යටපත්වෙලා යනවා. අපි මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? මේ සිදුවීම් සියල්ලන්ගෙන්ම පාඩම් ඉගෙනගත්ත ජනතාවක්නම් තවදුරටත් පැරණි කඳවුරෙන් කවර හෝ කඳවුරක් තෝරාගැනීමට හෝ බලයට පත් කිරීමට මේ රටේ ජනතාවට අයිතියක් නැහැ.

අපි මෑත කාලයේ කුඩා සිදුවීම් ටිකක් බැලුවොත්, පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවීම් දෙස බැලුවොත්, කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙලේදි මේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු එහෙට මෙහෙට පණින, විකිණෙන, ක‍්‍රිකට් මැච් එකක ලකුණු පුවරුව වගේ තමයි ඒ පැත්තේ මේ පැත්තේ ගණන් කියන්න පටන් ගත්තේ. දැන් 106යි දැන් 107යි, දැන් 14ට අඩු වුනා, තුනක් එහෙට ගියා. එක්කෙනෙක් පාර මැද. මතකද? මොකද්ද මේ වෙන්නේ? මේ රටේ ජනතාව කල්පනා කරනවද එවැනි දේශපාලන සංසකෘතියක් සහිත කණ්ඩායමකට අපේ රට ගොඩනගන්න පුළුවන් වෙවි කියලා ඔබ විශ්වාස කරනවද? ඒ අවශ්‍ය නැහැ. මේ ජනාධිපතිවරණය වකවානුවේ සිදුවෙන සිදුවීම් බලන්න. දැන් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයා තෝරාගැනීම සඳහා විශාල ගැටුමක්. පක්ෂයකට වැඩපිළිවෙලක් තිබෙනවානම්, පක්ෂයකට සාමූහිකත්වයක් තිබෙනවානම්, ඒ පක්ෂය විසින් කළ යුතු වන්නේ වැඩපිළිවෙල සඳහා තමන්ගේ සාමූහිකත්වය තෝරාගැනීම සඳහා වැඩ කිරීම. මම ජනාධිපති වෙන්න ඕන… මොකද්ද මේ. ඒ සඳහා කෙරෙමින් තිබෙන කැතම කැත පන්නයේ සූදුව අද දියත් වෙමින් තිබෙනවා.

පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 02ක දීමනාවක් දෙන්න. රනිල් වික‍්‍රමසිංහ උත්සාහ කරනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තමන්ගේ ඡන්ද ප‍්‍රමාණය වැඩිකරගන්න මන්ත‍්‍රීවරු බාගන්න ලක්ෂ දෙක ගානේ දෙන්න. මොන දේශපාලනයක්ද? තමන්ගේ පාර්ශවයත් එක්ක ඉන්නවා මම හිතනවා කිරිඇල්ල. තමන්ගේ ප‍්‍රතිපාර්ශවයේ ඉන්නවා කබීර් හෂීම්. ජනාධිපතිවරයාට අග‍්‍රාමාත්‍යවරයා දැනුම්දීලා තිබෙනවා කබීර්ගේ අමාත්‍යාංශයෙන් කෑල්ලක් කඩලා කිරිඇල්ලට දෙන්න කියලා. එයාගේ පෞද්ගලික දේපලද මේවා. මොකද්ද මේ රටකට කරන්නේ? ඕගොල්ලෝ හිතනවද මෙවැනි පන්නයේ නායකයෝ අපේ රට ගොඩනගයි කියලා. අද (19) හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවලා, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරලා. දැන් මැතිවරණ කොමසාරිස් තුමා ඊයේ (18) නාමයෝජනා බාරගන්න දිනේ, ඡන්දය තියන දිනේ ප‍්‍රකාශයට පත්කරනවා. රනිල් ඇතුළු කණ්ඩායමක් අද (19) හදිසියේ කැබිනට් මණ්ඩලය කැඳවලා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා යෝජනාවක් සම්මත කරන්න උත්සාහ කරනවා. මේ ඇත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ශක්තිමත් කරගැනීමේ වුවමනාවද? නැහැ. මේව ඇතුළේ තිබෙන්නේ තමන්ගේ බලය රඳවාගැනීම සඳහා කරන සටකපට වුවමනාවන්. ඉතින් එවැනි දේශපාලන නායකත්වයන් මේ රට කවර දිසාවකට ගෙනයාවිද?

අනෙක් පාර්ශවයෙන් බැලුවොත්, ඔබ දන්නවා. ජනාධිපති අපේක්ෂකයා හැටියට තෝරගන්නේ කවුද? තමන්ගේ සොහොයුරා. ඔහු ප‍්‍රාදේශීය සභාවක හෝ පළාත් සභාවක හෝ පාර්ලිමේන්තුවක හෝ කිසිදු සභාවක් නියෝජනය නොකරපු කෙනෙක්. අවුරුදු ගණනාවක් ලංකාවේ නොහිටපු කෙනෙක්. අයිය ජනාධිපති වූවාට පසුව ලංකාවට ආපු කෙනෙක්. හැබැයි ඔහු ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙන්නේ කුමක් නිසාද? තමන්ගේ පවුලේ ඉදිරි දේශපාලන බල ව්‍යාපෘතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්. එහෙම නැතුව ඒ කඳවුරුවල වුනත් දීර්ඝකාලයක් දේශපාලනය කරපු දේශපාලන අත්දැකීම් තිබෙන කණ්ඩායම් ඉන්නවා. හැබැයි ඒ වෙනුවට මෙයා ප‍්‍රමුඛ වෙන්නේ කුමක් නිසාද? ඒ අනුකවරක්වත් නිසා නෙවෙයි, තමන්ගේ සොහොයුරා වන නිසා. ඒ නිසා වැඩි ඈතකට යන්න ඕන නැහැ. මේ ජනාධිපතිවරණයේදී මේ අපේක්ෂකයන් පිළිබඳ පොරය හොයලා බැලුවත් ඇති මේ කඳවුරු අපේ රටේ ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කළයුතු කඳවුරු කියලා තේරුම් ගන්න. ඒ නිසා ජාතික ජනබලවේගයේ අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. කුමක් වෙනුවෙන්ද? මේ රට හදන්න. අපි මේ රටේ ජනතාවටත්, ඔබටත් සහතිකයක් දෙනවා, අපි මේ රට හදනවා.

මේ රට ගොඩනගන්න, මේ රට හදන්න බලය දෙන්න කියන ඉල්ලීම අපි ජනතාවගෙන් කරනවා. මේක හදන්න පුළුවන් රාජ්‍යයක්. අපේ රට ගොඩනගන්න බැරිනම් අපේ හාමුරුවනේ ලෝකයේ කිසි රාජ්‍යයක් ගොඩනගන්න බැහැ. 71 වසරක් මුළුල්ලේ මේ රටට කර තිබෙන විනාශ මධ්‍යයේත් මේ රට මෙහෙම තියෙනවා කියන්නේ හොඳ නායකත්වයන් සහ හොඳ පාලනයන් ලැබුනානම් මේ රට කවර දිසාවකට අපිට ගෙනියන්න පුළුවන්ද? ඒ නිසා දැන් අපි අභිමුව තිබෙන්නේ යළි මේ රට විනාශකාරිත්වය කරා ගෙනයන අන්තයකට බාරදෙනවාද? එහෙම නැත්නම් මේ රට ගොඩනැගීම සඳහා දැක්ම, වුවමනාව, කැපකිරීම, පරිත්‍යාගය තිබෙන කණ්ඩායමකට බාරදෙනවාද? මේ ප‍්‍රශ්නය අපි නිරාකරණය කරගන්න ඕනා. ඒ අතර ගොඩක් අය අහනවා, ඒක ඇත්ත මහත්තයෝ. හැබැයි ඕගොල්ලෝ මේක හදන්නේ කොහොමද? එහෙමනේ අහන්නේ නේද? හරි හරි ඒගොල්ලො ගැන අපි දැන්න දන්නවා, ඇත්ත අපිටත් ඇතිවෙලා තියෙන්නේ ඒගොල්ලෝ ගැන කතා කරලා. ඕගොල්ලන්ටත් ඇතිවෙලා ඇති ඒ ගොල්ලෝ ගැන අහලා. ඒ නිසා මම හිතනවා අපි කතා කළ යුත්තේ අපි මේ රට හදන්නේ කොහොමද? ඒක ලොකු සාකච්ඡාවක්. ඒක දිගුවූ සාකච්ඡාවක්. රටක් හදනවා කියන්නේ එය නිකන් පැයක් දෙකක් ඇතුළත කතා කරලා ඉවරකරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. හැබැයි රටක් හැදීමට අවශ්‍ය වන මූලික මූළධර්මයන් කිහිපයක් මම ඔබට කියන්නම්.

අපේ රටට මේ විනාශය ගෙනත් තිබෙනනේ මේ දේශපාලනය. අපි කැමති වුනත් අකමැතිවුනත් මේ රට ගොඩනගන්න තිබෙන්නේ දේශපාලනය. මේරට විනාශයට ගෙනිච්චෙත් මේ දේශපාලනයනම්, උත්තරේ තිබෙන්නෙත් දේශපාලනයේ. ඒක කවර දේශපාලනයක්ද? ඒක තමයි වැදගත්කම තිබෙන්නේ. ඒක නිසා මේ රට ගොඩනගනවානම් පළමු කොටම අපේ රටේ මේ කැත, ඉහඳ ගහන පිළිණු වූ දේශපාලන පොරපිටිය පිරිසිදු කරන්න ඕනේ. මේක කැත තැනක්. අද අපේ රටේ දේශපාලනය අතිශය ලාභ ලබන ව්‍යාපාරයක්. මේක ව්‍යාපාරයක්. අපේ රටේ මහා පරිමාන වංචා දූෂණ සිද්ධ වෙන්නේ දේශපාලනය ඇතුළේ. අපේ රටේ මහජනයාගේ ධනය කෝටි ප‍්‍රකෝටි ගණන් නාස්ති කරන්නේ දේශපාලනය ඇතුළේ. අපේ රටේ සිදුවෙන නීති විරෝධී ක‍්‍රියාදාමය පිට්පස්සේ ඉන්නේ දේශපාලකයා. ඒ නිසා අපේ රට ගොඩනැගීමේ පළමුවෙනි පියවර තමයි මේ දේශපාලනය පිරිසිදු දේශපාලනයක් බවට පරිවර්තනය කරන්න ඕනා.

දේශපාලනය ව්‍යාපාරයක් වෙනුවට මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕනා. අපි මේ දේශපාලනයේ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක්, පුද්ගලිකව මම හැබැයි අපි මේ දේශපාලනයෙන් සතයක් හම්බකරපු මිනිස්සු නෙවෙයි. මේ දේශපාලනයෙන් දූෂිත භාවයේ, නාස්තියේ ගොදුරු බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ දූෂිත, නාස්තියේ ගොදුරක් බවට පත්වී තිබෙන දේශපාලනය පිරිසිදු කරන්න ඕනා. අපි ඒවා කරලා තිබෙනවා. මොකද මේ රට හන්න ඕන එතනින්. මුදුනෙන් පටන් ගන්න ඕනා.
පළමු කොටම ජනාධිපතිවරයා ගත්තොත්, සමහර වුරුදුවල ජනාධිපතිවරයාගේ වසරක වියදම කෝටි 1000 ඉක්මවනවා. කෝටි 1000කින් ජනාධිපතිවරයෙක් නඩත්තු කරන්න? ගමණක් යනකොට හෙළිකොප්ටර් දෙක තුනකින් යන්නේ. පාරේ යනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා. ලෙඩෙක්ද? එහෙම ඕනද? ඒ නිසා මේ නාස්තිකාර වියදම් අඩු කරන්න ඕනා. අපි ඕගොල්ලන්ට එක සහතිකයක් දෙනවා. අපි එක සැරයක් මේ රටේ බලය අත්පත්කරගනිමු. ජනාධිපතිවරයාගේ වියදම් 10%කට වඩා වැඩි ප‍්‍රමාණයකින් කප්පාදු කරනවා. මා පාර්ලිමේන්තුවේදි ගිය ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා. ඒ ජනාධිපතිවරයාට හිටියා තමන්ගේ කාර්යමණ්ඩලය 1200ක්. පඳුරකට ගැහුවොත් ජනාධිපති සම්බන්ධීකාරක කෙනෙක් එළියට පනිනවා. මොනතම් සම්බන්ධීකරණ ලේකම්වරුද. ජනාධිපතිවරයා හම්බවෙන්නෙත් නැහැ. රුපියල් 60,000ක වැටුපයි, රුපියල් 30,000ක තෙලුයි, කැබ්රථයකුයි දෙනවා රියදුරෙක් එක්ක. මහජනයාගේ ධනය. ඒව තමයි ග‍්‍රාමීය වශයෙන් දේශපාලන බලය පතුරවන්න යොදවගන්නේ. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වැලිතොටුපොළ කරනවා. හොරෙන් පතලක් කරනවා. කළේ නැද්ද? මේක තමයි වෙලා තියෙන්නේ. මේ නාස්තිකාර වියදම් නතර කරන්න ඕනා.

ඒ වගේම අපි දන්නවා මාලිගා විශාල ප‍්‍රමාණයක් නඩත්තු කරනවා. චන්ද්‍රිකා වැව ලඟ අලුතෙන් මාලිගාවක් හැදුවා ජනාධිපතිවරයාට. යාපනේ කන්කසන්තුරේ අලුතෙන් එකක් හැදුවා. නුවරඑළියේ, අනුරාධපුරේ, නුවර හැදුවා. පාසිකුඩා එකක් හදන්න ගියා. මාලිගා හැමතැනම. සාමාන්‍යයෙන් යාපනේට හෙළිකොප්ටරයේ යන්න ගතවෙන්නේ විනාඩි 45යි. එන්න 45යි පැය එකහමාරයි. මීටින්එක් පැය 3ක් තිබ්බොත් පැය හතර හමාරයි. පැය හතර හමාරට යාපනේ මාලිගාවක් ඕනද?

සමහර අවුරුද්දට රාත‍්‍ර දෙකක් ඉඳලා නැහැ ජනාධිපතිවරයා මේ මාලිගාවල. හැබැයි කාර්යමණ්ඩලය 150ක් විතර හැමදාම නඩත්තු කරනවා ගාඞ්න් එක සුද්ද කරන්න ඕනා. මුර කරන්න ඕනා. හුනු පිරියම් කරන්න ඕනා. මහජනයාගේ ධනය. හැබැයි? දෙකක් නිදාගන්නේ නැහැ මේ මාලිගාවල. මේ ඔක්කොම මාලිගා රටේ සංවර්ධන වැඩකටයුතුවලට යොදවන මධ්‍යස්ථාන බවට පත් කරනවා. ඔබට අපි ඒක සහතික කරනවා. පටන් ගන්න ඕන එතනින්. එහෙම ඕන නැද්ද? ඒ නිසා ජනාධිපතිවරයාගේ වියදම් විතරක් නෙවෙයි, හිටපු ජනාධිපතිවරු කොච්චර වියදම් දරණවද? ප්‍රේමදාස මහත්මයාගේ බිරිඳ හේමා ප්‍රේමදාස තාම ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක, වාහන, ආරක්ෂාව ආණ්ඩුවෙන්. කලින් ඩී.බී විජේතුංගගේ දියණියට ගෙවල්, ආරක්ෂාව ආණ්ඩුවෙන් දීල තිබුන. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණය ඊලඟ හිටපු ජනාධිපතිණිය. ඇයට ටොරින්ටන්වල ගෙයක් දීල තිබෙනවා. ආරක්ෂාව දීල තිබෙනවා, වාහන දීල තිබෙනවා. ආණ්ඩුවෙන් විශාල මුදලක් වැය කරනවා ඇය නඩත්තු කරන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමට විජේරාම පාරේ විශාල නිවසක් ලබාදී තිබෙනවා. ආරක්ෂාව ලබා දී තිබෙනවා. වාහන ලබා දෙනවා. මේ හිටපු ජනාධිපතිවරු නඩත්තුවට කොච්චර යනවද? එහෙම නඩත්තු කරන්න ඕනද? අපේ රටේ සංස්කෘතියක් තියෙනවා. තමන්ගේ දරුවෝ තමන්ගේ දෙමව්පියෝ බලාගන්න. මේ කිසිවෙකුටත් ආදායම්මාර්ග නැති අයද? චන්ද්‍රිකා මැතිණියට තමන්ගේ ගෙයක් නැද්ද? මහින්ද මහත්තයට තමන්ගේ ගෙයක් නැද්ද? තමන්ගේ දරුවෝ සලකන්නේ නැද්ද? මොක්ද්ද මේ වෙලා තියෙන්නේ. ආණ්ඩුවෙන් පුරාවස්තු නඩත්තු කරනවා වගේ මේ අය නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. අපි එකක් කියනවා විශ‍්‍රාමික කිසිඳු ජනාධිපතිවරයෙක් ජනතාවගේ වැය ශීර්ෂයන් හරහා නඩත්තු කරන්නේ නැහැ. හැබැයි කවුරුහරි ජනාධිපතිවරයෙකුට දරුවෝ සලකන්නේ නැත්නම්, දේපලක් නැත්නම් සමාජ ආරක්ෂක අරමුදලෙන් ආධාරයක් කරනවා ජීවත්වෙන්න. එහෙම රටක් අපිට ඕනා. ඒ නිසා මේ නාස්තිය, වංචාව, දූෂණය නතර කිරීම එතනින් පටන් ගන්න ඕනා. අපි එතනින් පටන් ගන්නවා.

ඒ විතරක් නෙවෙයි. මේ මන්ත‍්‍රීවරුන්ට දෙන පර්මිට් නතර කරනවා. අද අපේ රටේ විශාල විදෙස් විනිමයක් ඇදිල යන්නේ මේ වාහන නිසා. අද ඒක අපේ රටේ ආර්ථිකයට බරක් වෙලා තිබෙනවා. මේ මන්ත‍්‍රීවරුන්ගේ පර්මිට් එක කියලා කියන්නේ වාහනයක් ගන්න නෙවෙයි විකුණන්න දෙන්නේ මේක. දැන් මම දැක්ක රනිල් වික‍්‍රමසිංහලා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරලා තිබෙනවා, හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන්ටත් පර්මිට් දෙන්න. කැබිනට් එකෙන් ඒක ටිකක් ප‍්‍රතික්ෂේප වුනහම මහින්ද මහත්තයා කියල තිබුන මම ආපුවහම දෙනවා කියලා. මේ හිටපු අයට පර්මිට් දෙන්නේ මොකටද? විකුණන්න. සාමාන්‍යයෙන් මන්ත‍්‍රීවරුන්ගේ පර්මිට් එකක් විකුණන්න පුළුවන් ලක්ෂ 150කට 180කට විතර. මේ බර ජනතාව දරන්න ඕනද? අපි සහතිකයක් දෙනවා ඔබට ඒව සියල්ල කැන්සල් කරනවා. ඇයි ? දේශපාලනය බිස්නස්එකක් නෙවෙයි. දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කරන යුගය අපි ආරම්භ කරනවා. මේ රට හදන පළමු පියවර එතන.

මොන තරම් සැලසුම් තිබුනත්, මොනතරම් කණ්ඩායම් හිටියත්, අපිට රටක් හදන්න බැහැ මේ දේශපාලන පොරපිටිය පිරිසිදු කරන්නේ නැතුව. ඒ විතරක් නෙවෙයි අපි කල්පනාකරමින් යනවා. මේ දේශපාලනකයින් ආණ්ඩුවේ ලයිසන් ගන්න බිස්නස්වල යෙදෙන්න ඉඩදෙනවද කියලා. ගල් කොරියක් කරන්න ලයිසන් එකක් ඕනා. පතලක් කරන්න ලයිසන් එකක් ඕනා. අරක්කු විකුණන්න ලයිසන් එකක් ඕනා. ලයිසන් එකක් කියන්නේ ආණ්ඩුවෙන් දෙන බලපත‍්‍රයක්. ආණ්ඩුව කවුද? මන්ත‍්‍රී සහ ඇමති. දැන් මන්ත‍්‍රී සහ ඇමතිට එයාම ගන්නවා බලපත‍්‍ර. බාර් ලයිසන්, පතල් ලයිසන්, ගල් කොරි ලයිසන්. අපි කල්පනා කරමින් යනවා ආණ්ඩුවේ බලපත‍්‍ර සහිත බිස්නස් කරන අයට මන්ත‍්‍රී ධුර ලබා ගැනීමේ තත්වය නතර කරන්න. ඒකෙන් තමයි ව්‍යාපාරය සිද්ධ වෙන්නේ. එයාට බලපත‍්‍රයක් තිබුනනම් එයා බලපත‍්‍රය බිඳලා වැඩ කරනවා. එයාට වැලි තොටුපොළක් පිළිබඳ බලපත‍්‍රයක් තිබුනොත් එයා නීති විරෝධී ලෙස ඕනෑවටත් වඩා වැඩියෙන් වැලි කපනවා.

අද අපේ ගම්වල බලන්න. සියලු අපරාධයන් පිටිපස්සේ ඉන්නේ දේශපාලකයා. හොරෙන් පතලක් කපනවානම් ඒ පිටිපස්සේ දේශපාලකයෙක්. ගමේ පරිසරයට හානි කරමින් කුඹුරක් ගොඩකරනවානම් ඒක පිටිපස්සේ ඉන්නේ දේශපාලකයින්. කොහෙ හෝ තැනක නීති විරෝධී ලෙස වැලිගොඩදානවානම් පිටිපස්සේ ඉන්නේ දේශපාලකයින්. කොහේහරි ගමක නීති විරෝධීව පස් කපනවානම් පිටිපස්සේ ඉන්නේ දේශපාලකයින්. නීති විරෝධී ගල් කොරියක් තිබෙනවානම් ඒක පිටිපස්සේ ඉන්නේ දේශපාගකයින්. නීති විරෝධී එතනෝල් බිස්නස් එකක් කරනවානම් ඒක පිටිපස්සේ ඉන්නේ දේශපාගකයින්. ඒ නිසා අපේ රටේ සියළු නීති විරෝධී සහ අපරාධ පිටිපස්සේ ඉන්නේ දේශපාලකයින්. ඉතින් ඒ දේශපාලකයෝ අපේ රට පාලනය කරනවා. ඒ නිසා එවැනි කිසිදු දේකට හවුල් වෙන. කිසිදු දේකට සම්බන්ධ වී තිබෙන කිසිදු කෙනෙකුට යළි අපේ රටේ මන්ත‍්‍රී ධුරයක් ලබා ගන්න තිබෙන ඉඩ අහුරමින් නීති සම්පාදනය කරනවා. අපරාධකරුවන්ට මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. වංචා කාරයන්ට මේ රට පාලනය කරන්න දීපු යුගය අපි අවසන් කරන්න ඕන. ඒ සඳහා නීති සම්පාදනය කරන්න වුනත් අපි ලෑස්තියි.

අපි විතරක් නෙවෙයි අපේ නායක හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම සියලුම ආගමික නායක උතුමන්ලා විසින් ඉදිරිපත් කළා අපේක්ෂකයෙක් කවර ආකාරයෙන් වියයුතුද කියලා. ඒකෙදි කියනවා දේශපාලකයෙකුගේ මෙන්න මේ ගුණාංග තියෙන්න ඕන කියලා. නඩු තියෙන්න බැහැ. අපරාධවලට හවුල් වෙලා තියෙන්න බැහැ. මේ සියල්ල කියලා තියෙනවා. මතක තබා ගන්න, ඒ සියල්ලම සපුරණ අපේක්ෂකයෝ ඉදිරිපත් කරනවානම් ඉදිරිපත් කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ට විතරයි. ඒ නිසා මේ රට ගොඩනැගීමේ පළමු පියවර මේ දේශපාලන පොරපිටිය පිරිසිදු කිරීම.

ඊලඟ පධාන ප‍්‍රශ්නය තමි අපේ රටේ ආර්ථිකය. මේ ආර්ථිකය අද ප‍්‍රාධාන අර්බුද 05කට මුහුණ දීලා තිබෙනවා. පන්ච මහා අර්බුදයන්. එක, ණය අර්බුදය. 2018 මහ බැංකු වාර්තාව කියනවා ආණ්ඩුවේ මුළු ණය ආදායම, රජයේ ගිණුමට 2018 ඇවිල්ල තියේනනේ රුපියල් බිලියන 1919යි. 2018 ණය පොලී වාරිකය රුපියල් බිලියන 2054යි. ඒ කියන්නේ රුපියල් බිලියන 135ක් ණය පොලී වාරික ගෙවන්නත් මදි. ඒ කියන්නේ ආණ්ඩුවේ ගිණුමට එන මුළු ධනය වියදම් කළත් ණය ගෙවාගන්න බැහැ. ඒ නිසා අපි විශාල ණය අර්බුදයක ඉන්නවා.

දෙක, ආනායන අපනයන වෙළඳපොළ අර්බුදය. ඩොලර් බිලියන 22.2ක භාණ්ඩ 2018 වසරේ අපිට පිටරටින් ආණයනය කරලා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් කෝටි 2220ක අපි භාණ්ඩ ආනායනය කරලා තිබෙනවා. අපි පිටරටට භාණ්ඩ විකුණලා අපිට හම්බවෙලා තිබෙන්නේ. ඩොලර් කෝටි 1180වයි. ඒ කියන්නේ ඩොලර් කෝටි 1040ක හිගයක් අපිට තිබෙනවා. මේකට අපි උත්තරයක් හොයන්න ඕනා.

ඊලඟ ප‍්‍රධාන ප‍්‍රශ්නය රාජ්‍ය ආදායම හීන වීම. රජයේ ආදායම විශාල ලෙස කඩාවැටිලා තිබෙනවා. බදු ෆයිල් දෙලක්ෂ හැත්තෑදාහක් වගේ කුඩා ප‍්‍රමානයක් තමයි අපේ රටේ බදු ෆයිල් විවෘත වෙලා තියෙන්නේ. ඒ නිසා නව විවසායකයන්, නව සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් රැහැනක් අපේ රටේ ඇති කරන්න ඕනා. හීන වී තිබෙන රාජ්‍ය ආදායම වැඩි කරගැනීමේ සැලැස්මක් සකස් කළ යුතුයි.

හතරවෙනි ගැටළුව නිෂ්පාදනය කඩාවැටිලා තිබෙනවා. සියල්ල අපි ආනයනය කරන රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා.

පස්වෙනි ගැටළුව ආදායම් සාධාරණ ලෙස බෙදී නොයාම. අපේ රටේ ජනගහනයෙන් 43%ක දෛනික ආදායම ඩොලර් දෙකට අඩුයි කියල අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කිව්ව. 43%ක ආසන්න වශයෙන් ලක්ෂ 90වක දවසක ආදායම ඩොලර් දෙකට වඩා අඩුයි. විශාල ආදායම් බෙදී යාමේ විශමතාවයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා අපේ රට අවුරුදු 71ක් මේ අනුගමණය කරන ලද ආර්ථික ප‍්‍රතිපත්තියෙන් ආර්ථික ක්ෂේත‍්‍රයේ රටකට විය හැකි ප‍්‍රධානම අර්බුදයන්, ණය, ආනයන අපනයන වෙළඳපොළේ කඩාවැටීම, රාජ්‍ය ආදායම හීන වීම, නිෂ්පාදනය කඩාවැටීම සහ ආදායම් බෙදීයාමේ වශමතාවය ආදී දැවැන්තම ගැටළු නිර්මාණය කරලා තිබෙනවා. නැවත නැවත මේ ආර්ථික උපයාමාර්ගයේ අපි ගමන් කළොත් අපිට තිබෙන එකම මාවත මොකද්ද? එකම මාවත මේ අර්බුදයන් තව තවත් තීව‍්‍ර වෙන එක විතරයි. ණය කන්ද තව වැඩිවෙයි. ආනයන අපනයන අර්බුදය තවත් වැඩිවෙයි. නිෂ්පාදනය තවත් කඩා වැටෙයි. ආදායම් බෙදීයාමේ පරතරය තවත් වැඩිවේවි. මේ අර්බුදය තීව‍්‍රකරන්න විතරයි මේ පාලකයන්ට ඕන. ඒ නිසා අපි ආර්ථිකයේ ඉතාමත් ගැඹුරු අදාගදයකට වැටිල තිබෙන්නේ. ඒක ඉතාමත් ගැඹුරු අඳුරු අගාදයක්. දැන් මේ ගැඹුරු අඳුරු අගාදයෙන් අපේ රට ගලවගන්න ඕනා. මතක තබා ගන්න අපි දේශපේ‍්‍රමීන් කියලා කියන්නේ පොළව ඉඹිනවට හරි පපුවට ගහගන්නව හරි නෙවෙයි. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත්නම් විතරයි ඒ රටේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය ආරක්ෂා කරගන්න පුළුවන් කම තියෙන්නේ. විශාල ණය කන්දක හිර කරපු රාජ්‍යයක, පිටරටින් භාණ්ඩ ආනායනය කරමින් ජීවත්වෙන රාජ්‍යයක කොහෙද ස්වාධීනත්වයක්? කොහෙද ස්වෛරීභාවයක් නිර්මාණය කළ හැකි වන්නේ? ඒක නිසා මේ ආර්ථික අගාදයේ අවසන් ප‍්‍රතිඵලය තමයි ලෝකයේ සියලු මහා බලවතුන් විසින් එක එක කොටස් කඩාගත්තු රාජ්‍යයක් අපිට ඉතුරුවෙයි. වරායවල් ටික එක්කෙනෙකුට. බලාගාරටික තව කෙනෙක්ගේ. සම්පත් ටික තව කෙනෙක්ගේ. පුල්මුඬේ ඛනිජවැලි තව කෙනෙක්ගේ. හුණුගල් නිදිය තව කෙනෙක්ගේ. ඇපටයිට් නිදිය තව කෙනෙක්ගේ. අපි ලංකාවේ හිස් භූමියක විරතක් අයිතිකරුවන් බවට පත්වේවි. මා කියන්නේ මේ ආර්ථික අර්බුදය අපේ ජීවිතවලට විතරක් නෙවෙයි බලපෑම් එල්ල කරන්නේ අපේ රටේ තිබෙන ස්වාධිපත්‍යය අපිට තිබෙන ස්වාධීනත්වය අදඅපිට අහිමිවෙලා තිබෙනවා. මේ අර්බුදයේ ප‍්‍රතිඵල. අද එක් එක් ක්ෂේත‍්‍රයේ එක එක බිම්කඩ, එක එක සම්පත් අද අපේ නෙවෙයි. කොළඹ වරායේ ජැටි 06න් අපිට තියේනනේ එකයි. ජැටි 05ක් අපේ නෙවෙයි. හම්බන්තොට වරාය අපේ නෙවෙයි. මත්තල ගුවන්තොටුපොළ අපේ නෙවෙයි. නොරොච්චෝලේ බලාගාරය ණයවලට හිලව් කරන්න සැලසුම් කරල තිබෙනවා. ඒක අපේ නෙවෙයි. මොණරාගලින් පටන්ගත්තාම ඉඩම් අක්කර දහස් ගණනක් ඇමරිකාවේ ඩෝලි සමාගමට ලබාදී තිබෙනවා. ඒ ඉඩම් තවදුරටත් අපේ නෙවෙයි. ගෝල්ෆේස් පිටිය ගාව මනරම් අක්කර 20ක ඉඩමක් තිබුන. ඒක දැන් අපේ නෙවෙයි. ඒක ශැන්ග‍්‍රිලා කාරයගෙ. පුත්තලමේ දූපත් 14ක් අපිට තිබුනා. ඒ දූපත් 14ම විකුණන්න දැම්ම බැසිල් රාජපක්ෂ. දූපත් දෙකක් සින්නක්කරයට වික්කා. ඉතුරු දූපත් ටික විකුණන්න ලෑස්ති කරල තිබෙනවා. ඒ දූපත් අපේ නෙවෙයි. මොකද්ද අපට ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ ආර්ථික අගාදයේ තියෙන උගුල නිසා මේ රට අපේ ජීවිතවලට ආර්ථිකමය වශයෙන් හානි කරනා විතරක් නෙවෙයි අපේ උරුමයෙන් ගැලවෙනවා. ඒ නිසා මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ එන්න ඕනා. ඒ සඳහා යම් සැලැස්මක් අවශ්‍යයි අපිට. ඒක මාකියන්නේ බලයට පත්වූ වහාම මැජික් කරුවෝ වගේ මේ රට ගොඩ ගන්න බැහැ. රටක් හදනා කියලා කියන්නේ අපි හැමදාම කියනවා වගේ මැජික් කරුවෙක්ගේ ඉන්ද්‍රජාලික ක‍්‍රියාවක් නෙවෙයි. රටක් හදනවා කියන්නේ සාමූහික මිනිස් ප‍්‍රජාවක වැඩ කොටසක්. ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා කියලා මම කියන්නේ කවුරුවත් නෙවෙයි සාමූහික මිනිස් ක‍්‍රියාකාරිත්වයක කොටස් කරුවෙක්. ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙයි. ඒක නිසා මේ රටට එවැනි සාමූහික මිනිස් ක‍්‍රියාකාරිත්වයක් ඕනා. ඒ සඳහා හොඳ ආර්ථික සැලැස්මක් ඕනා.

ඕනෑම රටක ආර්ථික සැලැස්මක් තවත් රටකට ගලප්පන්න බැහැ. 1978 ඉඳන් මේ රටේ නායකයෝ අපිට කියනවා මේ රට සිංගප්පූරුවක් කරනවා කියලා. අවුරුදු 40ක් තිස්සේ මේ බනේ අපිට කියනවා. තව රටක ආර්ථික ප‍්‍රතිපත්තියක් හෝ වත රටක ආර්ථික සැලැස්මක් මුළුමනින්ම තව රටකට ආදේශ කරන්න බැහැ. රටක ආර්ථික සැලැස්ම තීරණය කරන ප‍්‍රධාන සාදක කිහිපයක් තිබෙනවා. එක, ඒ රටේ පිහිටීම. දෙක, ඒ රටේ තිබෙන ස්වභාවික සම්පත්. තුන, ඒ රටේ තිබෙන මානව සම්පත. මේක තමයි රටක් ගොඩනැගීමේ ප‍්‍රධාන සාදක. අපි අපේ රටේ සැලැස්ම හදන්න ඕනා, අපේ රටේ පිහිටීම, ස්වභාවික සම්පත් සහ මානව සම්පතේ ස්වභාවය මත.

උපි හිතනවා පිහිටීම අනුව අපේ රට ඉතාමත් වැදගත් තැනක තියෙන්නෙ. ලෝක සිතියම අනික් පැත්ත හැරෙව්වොත් ලෝකය එල්ලිලා තියේනනේ ලංකාවෙන්. ලංකාව ලෝකයේ ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටුවා තිබෙනවා. ලෝක සිතියමේ තිතක් වැනි රටකට ලෝකයේ ඒ යුගයේ සිටි බලවත් සෑම රාජ්‍යයක්ම ආවේ ඇයි? පෘතුග‍්‍රීසීන් එනවා, ලන්දේසීන් එනවා, ඉංග‍්‍රීසීන් එනවා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය සාකච්ඡුා කරනවා, යුරෝපා සංගමය සාකච්ඡුා කරනවා. එංගලන්තයේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. මේ තතික් වැනි රටක් ගැන. ඇයි කතා කෙරෙන්නේ. අපේ රටේ පිහිටීම අතිශය වශයෙන් යුදමය ලෙසත් වෙළඳාම ලෙසත් ගමනාගමනය ලෙසත් ඉතාමත් වැදගත් මරමස්ථානයක අපේ රට පිහිටා තිබෙනවා. ඒ නිසා අපි සැලැස්මක් හදන්න ඕන අපේ රටේ පිහිටීම අපි උපයෝගීකරගන්නේ කොහොමද? අපේ රටේ පිහිටීමෙන් අපේ රට ලෝකයේ හොඳ වෙළඳ නගරයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. වානිජ හබ්එකක් බවට අපේ රට පත් කරන්න පුළුවන්. ඒ සඳහා වැදගත්ම වෙන්නේ මොනවද? ගුවන් සේවය සහ විශේෂයෙන්ම වරාය. ලොකයේ වැඩියෙන්ම භාණ්ඩ ප‍්‍රමාණයක් හුවමාරුවෙන්නේ වරායන් හරහා. අදත් ලෝකයේ වරායවල් අතර කොළඹ වරාය කියන්නේ 26 වන ස්ථානය. අපි ඩොලර් බිලියන 22 බඩු ගේනවා ඩොලර් බිලියන 11ක බඩු යවනවා. ඩොලර් බිලියන 33යි අපේ රටේ මුළු ආනයන අපනයන වෙළඳපොළ. හැබැයි ලෝකයේ 26වන ස්ථානය කොළඹ වරාය. ඉන්දියාවේ සෑම වරායකටම වඩා උඩින් අපේ වරාය තියෙනවා.

විශාල ප‍්‍රති නැව්ගතකිරීමේ මධ්‍යස්ථානයක් ලෙස අපේ වරාය පත්කරන්න පුළුවන් මේ රටේ පිහිටීමත් එක්ක. භාණ්ඩ හුවමාරු කිරීමේ හබ් එකක් බවට පත් කරන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ දන්නවා.

කොළඹ වරයා ඊල`ගට ලොකු කරන්න අපිට තිබුණ කෑල්ලක්. ඒක තමයි කොළඹ දකුණු වැරාය. අපි හම්බන්තොට වරායක් හැදුවා ආණ්ඩුව ණය අරගෙන කොළඹ දකුණු වරාය දුන්නා චීනෙට හදන්න. 2013 කොළඹ දකුණු ජැටිය විවෘත කළා. අද අවුරුදු 06ක් යනකොට කොළඹ වරායේ තුනෙන් එක්ක හසුරුවන්නේ චීනා. ඒගොල්ලෝ දන්නවා ඒකේ තියෙන වැදගත්කම. අපිට තිබුන නැගෙනහිර වරයා. දැන් සාගල රත්නායක ගිවිසුමක් අත්සන් කළා නැගෙනහිර වරායේ කලමණාකරනය ජපානය සහ ඉන්දියානු ඒකාබද්ධ සමාගමකට දෙන්න. දැන් ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. නැගෙනහිර වරායත් දෙනවා. ඇයි? හැමදෙනාම දන්නවා මෙතන තමයි ධන උල්පත. අපි අපේ රට වානිජ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමේදී මේ වරායන්වය අයිතිය වගේම, එ වරායේ කාර්යක්ෂමතාවය වගේම ඒ වරාය පළල් කිරීම සඳහා සැලැස්මක් අපි සකස්කොට ඉතාමත් ධනවත් රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ටික වර්ධනය කරමින් ඒ අවස්ථාව අපි උපයෝගී කර ගන්නවා. ඒක තමයි අපේ පළවෙනි එක. පිහිටීම. ඒක උපයෝගි කරගෙන හො\ වෙළඳ කේන්ද්‍රයක් බවට පත් කරගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි. සමහර භාණ්වල හබ්එකක් බවට අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් අපේ තේ වෙළඳාම පිළිබඳව ලොක් විවාදයක් තිබෙනවා. ලෝකයේ තේ වෙළඳ පොළේ හබ් එක තමයි ඩුබායි. හැබැයි තේ ගහක්වත් හදන්නේ නැහැ. හැබැයි ලෝකයේ සේරම තේ එන්නේ ඩුබායිවලට ඩුබායි තමයි ලෝකයේ තේ බෙදාහරින මධ්‍යස්ථානය. අපේ රටේ තේ නිෂ්පාදකයින් කියනවා අපේ තේ හබ්එකක් බවට පත් කරන්න එපා කියලා. තේ අපනයනය කරන වෙළඳුන් කියනවා මේක හබ්එකක් බවට පත්කරන්න කියලා. නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් අතර ගැටුමක් තිබෙනවා. ඇයි ඒ. මේක තේ හබ් එකක් බවට පත් කරන්න බයයි. ඇයි. පිටරටින් කසල තේ ඇවිල්ලා අපේ තේවලට කලවම් කරලා අපේ තේවලට ලොකයේ තියෙන වටිනාකම අහිමිවෙන්න පුළුවන් කියලා. අපේ තේවලට ලෝකයේ තිබෙන බ‍්‍රෑන්ඞ් නේම් එක අපි හදන්න ඕනා උසස් ගුණයක් සහ උසස් වැඩි මිලක්.
High quality – High price. චරසජැග හැබැයි ලංකාවෙ තේවලට හානි නොවන පරිදි මේක හබ් එකක් බවට පත් කරන්න පුළුවන් ද? බය තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි පිටින් එන තේ කලවම් කරයිද කියලා. ඕක පාලනය කරගන්න බැරිද ආණ්ඩුවකට. ඒ නිසා සමහර තෝරගත්තු ක්ෂේත‍්‍රවල භාණ්ඩවල හබ් එකක් බවට මේක පත්කරන්න පුළුවන්. ඒක තමයි අපේ පිහිටීමත් එක්ක අපිට නෙලාගතහැකි සම්පත්.

ඊළඟට අපේ රටේ තිබෙන ස්වභාවික සම්පත. ඉතා වැදගත් ස්වභාවික සම්පත් විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. අපි දන්නවා, වැඩිම කාබන් ප‍්‍රතිශතය තිබෙන මිනිරන් සම්පත තියෙන්නෙ අපි ගාව. 90%කට වැඩිය කාබන් තිබෙනවා අපේ පතල්වල.

එතකොට අපි තාමත් ඒක අමුද‍්‍රව්‍ය ලෙස කුට්ටි පිටින් පටවනවග එතෙන්ට අපි කර්මාන්ත ශාලාවක් ගේන්නෙ කොහොම ද? පුල්මුඩේ තියෙනවා වැදගත්ම ඛණිජ නිධියක් ඒක කපල ඉවර කරන්න බැරි නිධියක් අවුරුදු ලක්ෂ ගණනකට පෙර ඉන්දු ගඟෙන් ආපු ඛණිජ ද්‍රව්‍ය කාලාන්තරයක් තිස්සෙ තැන්පත් වෙලා මේ ඉල්මනයිට් නිධිය නිර්මාණය වෙලා තියෙනවා. ඒක වාර්ශිකව ගොඩ ගහනවා. අවුරුද්දකට ආසන්න වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටොන් ලක්ෂ 20ක් ගොඩගහනවා. ඒක හරියට කන්දක් වගේ කපල ඉවර කරන්න බැහැ. වාර්ශිකව ගොඩගහනවා. අපිට තියෙන්නෙ අයින් කර ගන්න හැබැයි අපි අයින් කරල නිකං යවනවා. මූලික ප‍්‍රභේද 5කට විතරයි වෙන් කරන්නෙ. එතනින් එහා නිස්සාරණය කරන්න ලොකු ප‍්‍රාග්ධනයක් ඕන. ලොකු තාක්ෂණයක් ඕන. එතෙන්ට දැවැන්ත කර්මාන්තශාලායක් ලංකාවට ගේන්න පුළුවන්. විශාල ආයෝජනයන් සහ මුදල් අවස්ථා නිර්මාණය කළ හැකි දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඕන. හැබැයි සෑහෙන කාලයක් තිස්සෙ අමු වැලි අපි නිකං පටවනවා. වැලි පටවනව කන්ටේනර්වලින් නැව් පුරෝල වැලි යවනවා. එතෙන්ට අපිට කර්මාන්ත ශාලාවකට ඉඩ තිබෙනවා. ඒ වගේම අපි දන්නවා ඇපටයිට් නිධිය. ඒක අපේ දිගු කාලීන පොහොර සඳහා කෙටි කාලීන පොහොර සඳහා. ඒක අපිට උපයෝගී කරගන්න බැහැ. දිගු කාලීන පොහොර සඳහා තිබෙන ඉතාමත් වැදගත් සම්පතක්. එතන තිබෙනවා පොල් දෙහි දොඩම් වගේ දිගුකාලීන වගාවන් සඳහා යොදාගන්න පුළුවන්. අපේ පොස්පේට් නිධිය ඒකත් අපි නිකං කපල පැකට් කරල දානව. එතෙන්ට අලූත් තාක්ෂණය එකතු කළොත් ඉතාමත් හොඳ පොහොර සම්පතක් අපිට නිර්මාණය කරගන්න පු`ඵවන් කම තිබෙනවා. එතන අපිට තිබෙනවා විභවයක්. ඒ වගේම අපිට තිබෙනව හුණුගල් නිධි ගණනාවක් බලංගොඩ පුත්තලම මේ ආදී ප‍්‍රදේශවල විශාල වශයෙන් හුණු ගල් තිබෙනවා. ඒක අපි සංවර්ධනය කරගන්න ඕනි. අපේ මැණික් සම්පත මැණික් සම්පත විතරක් නෙවෙයි තියෙන්නෙ ලෝකයේ මැණික් පිළිබඳ ඉහළම තාක්ෂණයක් අපිට තිබෙනවා. තවම මැඩගස්කරයෙ ඒ තාක්ෂණය නැහැ. ඒ නිසා තමයි මැඩගස්කරයෙන් අමු ගල් ගෙනල්ලා මෙහෙ පොලිෂ් කරල කපන තාක්ෂණයක් අපිගාව තිබෙන්නෙ. ඒ නිසා ඒක විශේෂ ක්ෂේත‍්‍රයක් අපිට දියුණු කරන්න පුළුවන්. ඒ නිසා අපි මැණික් ක්ෂේත‍්‍රයෙන් අපි ඉහළින් ඉන්නෙ. මැණික් කැපුම් පිළිබඳව ඒ ක්ෂේත‍්‍රය අපිට වර්ධනය කරන්න පුළුවන්. අපිට රත්නපුර ඇලහැර ඔක්කම්පිටිය ආදී ප‍්‍රදේශවල විශාල මැණික් සම්පතක් තිබෙනවා. තාම අපි ගොඩගත්තු නැති අපි තාම මේ ගොඩගන්නෙ ගංගාවෙන් ගහගෙන ආපු ටික. හැබැයි අපිට විශාල මැණික් සම්පතක් තිබෙනවා. මධ්‍යම කඳුකරයට වෙනන් ඒක අපි නෙලාගන්නව නැද්ද කියන එක වෙනම දෙයක්. විශාල මැණික් සම්පතක්, ආකරයක් තියෙනවා. ඒක අපේ කර්මාන්ත දියුණු කරන්න සම්පතක්.

ඒ නිසා අපි හිතනව අපේ රටේ අපේ තියෙන සම්පත් උපයෝගී කරගත්තු කර්මාන්ත පද්ධතියකට අපි යන්න ඕනි. අපිට ලෝකයේ මෝටර් රථ වෙළඳපොළ අල්ලන්න බැහැ. ෆොක්ස් වැගන් ගෙනල්ලා ලෝකයේ මෝටර් රථ වෙළඳපොළ අල්ලන්න පුළුවන් ද? ලංකාවෙ ෆොක්ස් වැගන් කිව්වොත් ලංකාවෙ අය ගන්නෙත් නැහැ. ඉතිං අපිට අල්ලන්න අපිටම අවේණික වූ භාණ්ඩ තිබෙනවා. අපිටම අවේණික වූ කර්මාන්ත තිබෙනවා. ඒව ලෝකෙ කිසිවෙකුට නැති විශේෂත්වයන් කුරුඳු කියල කියන්නෙ. ලෝකයේ කිසිඳු රාජ්‍යයක නැති විශේෂිතම කුරුඳු වර්ගය අපිට තිබෙන්නෙ. වැඩිම සුවඳ සහ වැඩිම ගුණය තිබෙන කුරුඳු වගාව අපිට තිබෙන්නෙ. පෘතුගීසි කාරය එන්න කලින් අපේ රටේ මුස්ලිම් වෙළෙන්දො මේව දරමිටි හැටියට ඔතල පටවල ඇරිය. අදත් අවුරුදු දාහක් විතර ගිහිල්ල කුරුඳු කොහොමද දරමිටි වගේ යවනවා. මේ අවුරුදු 1000කට කලිනුත් ඔහොම තමයි කළේ. පෘතුගීසි එන්නත් කලින් මුස්ලිම් වෙළෙන්දො අපේ රටේ කුරුඳු වෙළදාමෙ නිරත වෙලා හිටියා. එදත් කළේ මේක සූරල කපල තලලා දරමිටිය වගේ බැදල රට යවපු එක. අදත් අපි අවුරුදු 700ක් 800ක් ගියට පස්සෙ අපි තාම කුරුඳු මිටිය වගේ රට යවනවා. මේ පාලකයො ද? එතන ඉතාමත් හොඳ වැදගත් කර්මාන්තයක්. අපිට ගේන්න පුළුවන් කම තිබෙනවා. අපි ආයෝජනය කරන්නෙ එතෙන්ට. අපි රටේ සම්පත් නිර්මාණය වෙන රටේ ජාතික ධනය නිශ්පාදනය වෙන රටේ තරුණයන්ට රුකියාව හැදෙන තමන්ගෙ හැකියාව දක්ෂතාව යොදවන්න පුළුවන් තැනක තමයි අපි අපේ රටේ ආර්ථික මරමස්ථාන බවට පත්කර ගන්නෙ.

ඒක එකක් ඊළඟ අපේ කෘෂිකර්මාන්තය කෘෂිකර්මාන්තයට අපේ නවීකරණයක් අවශ්‍යයි. අපේ රටේ ශ‍්‍රම බලකායෙන් 28%ක් ඉන්නෙ කෘෂි කර්මාන්තයෙ. අපේ භූමියෙන් 1.1%ක් වැයකරල තියෙන්නෙ කෘෂිකර්මාන්තයට. හැබැයි කෘෂිකර්මාන්තය අපේ ජාතික ධනයට සපයන දායකත්වය 9.5%යි. ශ‍්‍රම බලකායෙන් තුනෙන් එකකට ආසන්න ප‍්‍රමාණයක් ඉන්නවා. භූමියෙන් දහයෙන් පංගුවකට වඩා ප‍්‍රමාණයක් අපි යට කරල තියෙනවා. හැබැයි ජාතික ධනයට ඔවුන් එකතු කරන්නෙ සියයට දහයටත් වඩා අඩු ප‍්‍රමාණයකින්. ශ‍්‍රම බලකායෙන් විශාල පංගුවක් භූමියෙන් විශාල පංගුවක්. හැබැයි දායකත්වයෙන් 9.5%ක් වගේ කුඩා ප‍්‍රමාණයක්. මේ ශ‍්‍රම බලකායෙන් භාගයක් යොදවලා මේ භූමියෙන් භාගයක් යොදවලා මේ 9.5% ගන්න පුළුවන්. මෙච්චර ඕනි නැහැ මේ 9.5% ගන්න. මේක නව කාර්යක්ෂම වැඩපිළිවෙළකට අවතීර්න කරන්න ඕන.

කෘෂිකර්මාන්තය මුහුණ දී තිබෙන ප‍්‍රධාන ගැටලු, එක, ඉඩම්. දෙක, වතුර. තුන, තාක්ෂණය. හතර, පශු අස්වනු නෙලා ගැනීම, බීජ ප‍්‍රවාහනය, ඇසුරුම්කරණය, අස්වනු ප‍්‍රවාහනය, වෙළදපොළ. මේ අට වැදෑරුම් වැඩපිළිවෙලක් ඕනි. අපේ රටේ කෘෂිකර්මාන්තයට අපි කොහොමද ඉඩම් සම්පත උපයෝගී කර ගන්නෙ. කොහොමද ඒකට ජල සම්පත උපයෝගී කර ගන්නෙ. කොහොමද ඉතාමත් ගුණාත්මක බීජ අඩු මිලකට අපි ගොවි ජනතාවට ලබා දෙන්නෙ. කොහොමද අපි පශු අස්වනු නාස්තිය අවම කරන ගන්නෙ. කොහොම ද පශු අස්වනු නාස්තිය අවම කර ගැනීම සදහා ප‍්‍රවාහනය ඇසුරුම්කරණය ගබඩාකරණය සැළසුම් කරන්නෙ. කොහොමද වෙළද පොළ අපි නිර්මාණය කරන්නෙ. මේ ස`දහා ඉතාමත් දැක්මක් සහිත වැඩ පිළිවෙලක් අපි සතුව තිබෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තය අපේ රටේ ආර්ථිකයේ විශාල හවුල්කරුවෙකු බවට අපි පත්කර ගන්න ඕනි.

ඒ වගේම අපේ රටේ මුහුද. රට වටේ මහ මුහුදක් තිබෙනවා. දැවැන්ත සම්පත් ආකරයක්. තාමත් අපි නොහඳුනන සම්පත් විශාල ප‍්‍රමාණයක් මුහුදෙ තිබෙනවා. තව සමහර දේවල් පරීක්ෂණවලටවත් ගිහිල්ල නැහැ. මුහුදෙ සම්පත් පිළිබඳව අපි තාමත් මුහුදෙ මාළු විතරයි අපි සම්පත බවට පත්කරගෙන තිබෙන්නෙ. ඒ සම්පත බැලුවත් ගිහිල්ල බලන්න ඔය තංගල්ලෙ දික්වැල්ල ඒ පළාත්වල. මාළු අල්ලන්න ගිහිල්ල බෝට්ටුව තියාගෙන මාසයක් ඉන්නවා ලෝකෙ කොහෙවත් මාසයක් මුහුදෙ ඉන්නෙ නැහැ. මාළු අල්ලන්න වෙන ජීවිතයක් නැද්ද. එයාලට මාසයක් බෝට්ටුවෙ ඉන්නවා. මාසයක් මොකට ද ඉන්නෙ? ඔය මාළු හැදෙන්නෙ, කොට කෑල්ලක දිය සෙවෙල බැදෙනවා. ඒ දියසෙවෙල කන්න කුඩා මාළු එනව. ඒ කුඩා මාළුව කන්න ලොකු මාළුවෙක් එනවා. ඒ මාළුව කන්න ඊටත් වඩා ලොකු මාළුවෙක් එනවා. මේ කුඩා කොටකෑල්ලක් වටේ තමයි මාළු ජනපදයක් වගේ ඇතිවෙනවා. දැං මේ බෝට්ටු ගිහිල්ල මොකක්ද කරන්නෙ. මුහුදෙ ඔය කොට කෑල්ලක් පාවෙනවද පාවෙනවද කියල බල බලා යනවා. ඕක තමා මාසයක් තිස්සෙ කරන්නෙ. පාවෙන තැනක් අහු වුණහම දැලක් ගහල මාළු ටික අල්ල ගන්නවා. ජපානෙ මොකද කරල තියෙන්නෙ. ජපානෙ මාළුව මුහුදෙ වගා කරනවා. ඒගොල්ලො සැළසුම් කරල මාළුවෙකුට බිහිවෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කරනවා. නිර්මාණය කරල ඒකෙ චිප් එකක් හයි කරනවා. කම්පියුටරෙන් කියනවා මාළු ඉන්නෙ කොහෙද කියලා. ඉතිං බෝට්ටුවට යන්න තියෙන්නෙ මාළු ගන්න එතෙන්ට. අපි මාසයක් මහ මුහුදෙ ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදෙ කොට කෑල්ලක් හොය හොය මාළු හොයනවා. ඉතිං මේක රටක් ද? මේක නවීකරණය කරන්න පුළුවන් විශාලම සම්පතක්. අදත් යුරෝපයේ තවත් අපිට පලල් කරන්න පුළුවන්. මේ මත්ස්‍ය වෙළඳ පොළ යුරෝපයට විතරක් නෙවෙයි. අපේ ජනතාවට අපේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ඉතාමත් අඩු ප‍්‍රමාණයක් අද සපිරෙන්නෙ. දැං ජනතාවගෙ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා මේ මත්ස්‍ය සම්පත අපිට උපයෝගී කරගන්න පුළුවන්. ඒ නිසා මහ මුහුද අපේ රටේ සම්පත්වලින් විශාල ආකරයක් බවට පත්කළ හැකියි.

මේ ඔක්කොටම වඩා වැදගත් සම්පත මොකක් ද? අපේ රටේ මේ හැමදේකටම වඩා වැදගත් සම්පත අපේ රටේ මානව සම්පත. සිංගප්පූරුව ගත්තොත් අද ජීවත්වන අයගෙන් තුන්වැනි පරම්පරාවෙ අයට ලියන්නත් බැහැ. කියවන්නත් බැහැ.

කොරියාව ගත්තොත් අද ජීවත්වන අයගෙන් පරම්පරා දෙහෙකට එහාපැත්තෙ අයට ලියන්නත් බැහැ. කියවන්නත් බැහැ. ඒගොල්ලන්ට දිගු අධ්‍යාපනයක් සහිත ඉතිහාසයක් තිබුණෙ නැහැ. මිහිඳු මහරහතන් වහන්නෙ අපේ රටට ආගමනය වුනහම අපිට දහමක් විතරක් නෙවෙයි අවේ. ඒකත් එක්ක අපිට විධිමත් අධ්‍යාපනයක් ආවා. අපිට කලමණාකරනයක් ආවා. අපිට ගෘහ නිර්මාණ ශිල්පයක් ආවා. එහෙම තමයි මිහිදු මහ රහතන් වහන්සේගෙ ආගමනයෙන් අපේ රටේ සංස්කෘතිකමය විප්ලවයක් ඇති කළේ. පැරණි පිරිවෙන්වලට ගිහින් හොයල බලපුවහම ඒ පිරිවෙන් සියවස් ගණනක් පැරණි පිරිවෙන්. විධිමත් අධ්‍යාපනයක් තිබිල තියෙනව අවුරුදු සියය දෙසියයකට කලින්. ඒ නිසා ඉතාමත් හොදින් මුවහත් කරන්න පුඵවන් මානව සම්පතක් අපිට ඉන්නවා. වර්ගකිලෝමීටර් හැටපන්දහස් හයසිය තිස් දෙකේ මිලියන 21කට වඩා ජනගහනයක් ඉන්නවා. ආසන්න වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටරයක 343 දෙනෙකු ජීවත් වෙනවා. විශාල ජන ඝනත්වයක් ලෝකෙ වැඩිම ජනගහනය ඉන්න රටේ චීනෙ වර්ග කිලෝමීටරයක ජීවත්වෙන්නෙ 247යි. අපේ 343ක් ඉන්නවා. විශාල ජන ඝනත්වයක් අපිට ඉන්නවා. මේ ජන ඝනත්වය තමයි වැදගත්ම සම්පත. මේ සම්පත අපි ඉතා හොඳින් පුහුණු කරන්න ඕන. අපේ රටේ අධ්‍යාපනය කියල කියන්නෙ නිකං දරුවෙකුට ඉගැන්වීම විතරක් නෙවෙයි. අපේ ආර්ථික උපය මාර්ගික වැඩපිළිවෙලේම කොටසක් තමයි අධ්‍යාපනය කියල කියන්නෙ. ඇයි දියුණු මානව සම්පතක් හදන්න ඕන. මානව සම්පතක් දියුණු කිරීම සඳහා ප‍්‍රධාන සම්පත් තුනක් තිබෙනවා.

එක, අධ්‍යාපනය. දෙක, සෞඛ්‍ය. තුන, ක්‍රීඩාව. මතක තබාගන්න මේ මිනිස් සම්පත දියුණු කරන්න ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය ඇතිකරන ලද පුළුල්තම ප‍්‍රතිසංස්කරණ විප්ලවය අප විසින් ආරම්භ කරනවා. අද අධ්‍යාපනය තියෙන්නෙ කොහොද? අද අධ්‍යාපනය තියෙන්නෙ පාසලේ නෙවෙයි පාසලෙන් එලියෙ. දරුවො පුරුද්දට ඉස්කෝලෙ යනවා. ඉගනගන්න ටියුෂන් එකට එනවා. දරුව විභාගෙට පාඩම් කරන්නෙ ඉස්කෝලෙ උගන්නපු පොත ද ටියුෂන් එකේ උගන්නපු පොත ද? ටියුෂන් එකේ පොත. ඒ නිසා දරුවො පුරුද්දට ඉස්කෝලෙ යනව. ඉගනගන්න එලියට එනවා. ඉගනගන්න පු`ඵවන් වී තිබෙන්නෙ කුමක් මත ද? තමන්ගෙ වත්කම මත.

දැං අපි සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ල ටීවී එකක් ගන්න ඕන උනහම අපි අපේ වත්කම මත තමයි ටීවී එකක් ගන්නෙ. වත්කම අඩුයි නම් අඟල් 12. තව ටිකක් තියෙයි නම් 18. තව ටිකක් තියෙයි නම් 24. තව ටිකක් තියෙයි නම් 36. ගොඩක් තියෙයි නම් 60 62. එහෙමනෙ ගන්නෙ. ටීවී එකක් ගන්නෙ වත්කම අනුව. අධ්‍යාපනය ගන්නෙ, ඇඹිලිපිටියෙ දරුවෙක්, සල්ලි නැහැ ඇඹිලිපිටියෙ ටියුෂන් එකේ. තව ටිකක් සල්ලි තියෙනව නම් රත්නපුරේ ටියුෂන් එකේ. තවත් ටිකක් සල්ලි තියෙනවනම් නුගේගොඩ ටියුෂන් එකේ. තවත් ටිකක් සල්ලි තියෙනවානම් නුගේගොඩ කණ්ඩායම් පන්තියෙ. තවත් ටිකක් සල්ලි තියෙනවානම් ගුරුවරය ගෙදර ගේනවනෙ. ඒ නිසා දැං අධ්‍යාපනය ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ මොකක් මත ද? තමන්ගෙ වත්කමට භාණ්ඩයක් මිලදී ගන්නවා ලෙස තමයි තමන්ගෙ වත්කමට සරිලන ලෙස අධ්‍යාපනය මිලදී ගන්න වෙලා තියෙන්නේ. අපි මේක වෙනස් කරනවා. තමන්ගෙ පොකැට් එකට සරිලන අධ්‍යාපන ක‍්‍රමයක් නෙවෙයි දුප්පත් ද පෝසත් ද බේදෙකින් තොරව හැම දරුවටම සාධාරණ අධ්‍යාපන ක‍්‍රමයක් හැදෙන නව ප‍්‍රතිසංස්කරණ ගණනාවක් අපි මේ රටේ ඇතිකරනවා. ඒක තමයි අපේ රට ගොඩ නැගීමේ මාවත.

ලෝකෙ උසස්තම මානව සම්පතක් හදන්න ඕනි ඊළඟ සෞඛ්‍ය. සෞඛ්‍ය අද මොකද වෙලා තිබෙන්නෙ. සෞඛ්‍යත් අද අපට වෙලා තිබෙන්නෙ ලෙඩේට අනුව බෙහෙත් ගන්න නෙවෙයි පොකැට් එකට අනුව බෙහෙත් ගන්න. සල්ලි නැත්තන්ම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ. ටිකක් තියෙයි නම් ගමේ සාප්පුවෙ. තව ටිකක් තියෙයි නම් ලොකු නමක් තියෙන ඉස්පිරිතාලෙක. තවත් ටිකක් තියෙයි නම් නමක් තියෙන ඉස්පිරිතාලෙක විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ කියන්නෙ මොකක්ද අපිට වෙලා තියෙන්නෙ. අපිට වෙලා තියෙන්නෙ ලෙඬේට අනුව බෙහෙත් ගන්න නෙවෙයි පොකැට් එකට අනුව බෙහෙත් ගන්න. මේක වෙනස් කරනවා. මම දන්නව සමහර අය හදවතේ රෝගයක් තියෙනව කියල පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරපුවහම කියනව මේ නහර 4ක් බ්ලොක් වෙලා තියෙන්නෙ. මොකද කරන්නෙ එයාට සල්ලි තියෙන්නෙ ලෙඬේ හඳුන ගන්න විතරයි. ඔපරේෂන් එක කරන්න සල්ලි නැහැ. ආ හතරක් තියෙනව නේද එහෙනම් මම ගෙදර යන්නම් කියල එනවා. ඒ කියන්නෙ එයාට එහෙම තියෙනවාද කියල පරීක්ෂා කර ගන්න සල්ලි තියෙනවා. ඔපරේෂන් කරගන්න සල්ලි නැහැ. ඒකයි වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ වත්කමට අනුව තමයි බෙහෙත් ගන්න වෙලා තියෙන්නෙ. සාධාරන ද මේක නිරෝගි සම්පන්න ජනතාවක් නිර්මාණය කරන්න. ඒ කියන්නෙ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය විතරක් නෙවෙයි අපේ ආහාර රටාව ආදී සිය`ඵ ක්ෂේත‍්‍ර වෙනස් කරමින් අපේ රටේ ජනතාව ඉතාමත් ශක්තිමත් පෞර්ෂයක් සහිත සෞඛ්‍ය සම්පන්න මිනිහෙක් අපි නිර්මාණය කරනවා. ලෝකයේ මානව සම්පත අපි ජයග‍්‍රහනය කරන්න ඕනි.

ඒ වගේම මානව සම්පත දියුණු කරන්න අවශ්‍යවෙන්නෙ ක්‍රීඩාව. ක්‍රීඩා සංස්කෘතියක් අපි අපේ රටේ නිර්මාණය කරනවා. සෑම කෙනාගෙම ශරීර සෞඛ්‍ය නිසි පරිදි පවත්වාගැනීමට අවශ්‍ය වන මානසික සමබරතාව නිසි පරිදි පවත්වාගෙනයාමට අවශ්‍ය වන ක්‍රීඩා සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය කරනවා. ඒ නිසා අපි දියුණුතම මානව සම්පතක් නිර්මාණය කරනවා. ලෝකයේ ඕනෑම තැනක ගිහිල්ලා ලෝකයේ දියුණුතම ශ‍්‍රම වෙළඳපොළ අත්පත් කරගන්න පුළුවන්. ලාංකීය ශ‍්‍රමිකයා නිර්මාණය කිරීමේ වගකීම අපි භාරගන්නවා. එතනින් තමයි ලෝකෙ අල්ලන්න තියෙන්නෙ අදත් අපේ අපනයන ආදායමෙන් වැඩිම ඩොලර් ප‍්‍රමාණය මොකෙන්ද එන්නෙ. මම කලින් කිව්වෙ මැණික්, තේ, ඇඟලුම්, මාළු ඔය ඔක්කොගෙන්ම විකුණල අපිට හම්බවෙන්නෙ ඩොලර් කෝටි 1180යි. හැබැයි අපිට විදෙස්ගත ශ‍්‍රමිකයන්ගෙන් හම්බවෙනවා ආසන්න වශයෙන් ඩොලර් කෝටි 760ක්. අදත් අපේ රටේ තනි ඒකකයක් හැටියට වැඩිම විදෙස් විණිමය උපයන්නෙ මොකෙන් ද? විදෙස් ගත ශ‍්‍රමිකයන්ගෙන්. හැබැයි අපි ලෝකයේ අත්පත් කරගෙන තිබෙන්නෙ කුමන ශ‍්‍රම වෙළඳපොළක් ද? ඉතාමත් අඩු ශ‍්‍රම වෙළඳ පොළක් තමයි අත්පත් කරගෙන තිබෙන්නෙ. මැදපෙරදිග නම් ළමයි බලාගන්න රෙදි හෝදන්න උයන්න ගේ පිරිසිදු කරන්න යුරෝපයේ නම් ඉතාලියෙ නම් වැඩිම උනොත් කෙයාර්. වයසක සුද්දො සුද්දියො බලාගන්න. උදේ නැගිටල ගිහිල්ල පැය භාගයක් තියෙනවා පැය භාගෙ නාවල සුද්ධ කරලා පව්ඩර් දාල ඇදේ බුදි කරවලා එනව. යුරෝ 50යි ඔයගොල්ලො දන්නවද සුද්දො සුද්දියො විතරක් නෙවෙයි බල්ලොත් බලාගන්නවා. බල්ල අරගෙන ඒ ගෙදරින් පැයක් ඇවිද්දවන්න ඕන. පැයක් ඇවිද්දවල එන එක අපේ එක්කෙනාගෙ ජොබ් එක. ඉතිං බල්ල අරගෙන ඇවිලද පොඩි ෂොපින් බෑග් එකකුත් අරගෙන ජරාකළොත් ඒකත් දාගෙන බල්ල අරං ආවම යුරෝ 50 හම්බවෙනව. ඔන්න අපේ ජොබ්.

අපි යුරෝපයෙන් ගත්තම පරිඝනක ක්ෂේත‍්‍රයේ ඉහළම තැන්වල ඉන්නෙ අද ඉන්දියානුවන්. ඒ වගේම ලෝකෙ කළමණාකරන ක්ෂේත‍්‍රයේ ඉහළම තැන ඉන්නෙ අද ඉන්දියානුවන්. හැබැයි අපි ඉන්නෙ කොහෙද ඉදහිට ගූගල් එකේ වැඩකරන අය ඉන්නවා. නාස එකේ වැඩකරන අය ඉන්නවා. ඒක ලොකු එකක් නෙවෙයි. කුඩා ප‍්‍රතිශතයක් ඉන්නවා. හැබැයි අපිට තිබෙන හැකියාවන් එක්ක ගත්තොත් ඉන්දියානුවන් හා සන්සන්ධනය කරල බැලුවොත් අපිට දිගු අධ්‍යාපනික ඉතිහාසයක් සහිත දියුණු කරන්න පුළුවන් මානව සම්පතක් තිබෙනව. මේ මානව සම්පත උපයෝගී කරගෙන ලෝකයේ දියුණුතම ශ‍්‍රම වෙළඳපොළක් අපි අත්පත් කරගන්න ඕනි. රට ගොඩනගන්න ඕනි. එතනින් ඒ නිසා මා හිතනව මේ රට ගොඩනගන්න පුළුවන්. මේ රට ගොඩනැගීමේ දේශපාලන දැක්ම අපිට තිබෙනවා. ඒ සඳහා දායකත්වය සැපයිය හැකි ඉතාමත් කාර්යක්ෂම නායකත්ව මණ්ඩල අපිට සිටිනවා. මේ හැම ක්ෂේත‍්‍රයක්ම සම්බන්ධ විද්වතුන් අපිට සිටිනවා.

අවසන් වශයෙන් මා කියන්නෙ අපේ රටේ විශාල විවේචනයක් තියෙනවා. මේ රාජ්‍ය ආයතන පිළිබඳව රාජ්‍ය ආයතන අකාර්යක්ෂම වෙලා තියෙනවා. ගොඩක් ඒව කියනව පාඩුයි විකුනන්න ඕනා. මිල්කො එක පාඩුයි විකුනන්න ඕනා. පෙට්‍රෝලියම් පාඩුයි විකුණන්න ඕනා. එයාර් ලංකා පාඩුයි විකුණන්න ඕනා. මෙහෙමනෙ අවිල්ල තියෙන්නෙ. මේ එකක්වත් විකුණන්න ඕනි නැහැ. මේව හදන්න පුළුවන්. අපි මිල්කො එක භාරගන්නකොට මිලියන 50ක අයිරාවකින් තමයි මිල්කො එක දිව්වෙ. අපි මාස 14යි මිල්කො එක පාලනය කළේ. මිලියන 200ක ස්ථාවර තැන්පතුවකුත් එක්ක තමයි එලියට ආවේ. මිල්කො ආයතනයෙ කිරිපිටි ෆැක්ටරියෙ තියෙන්නෙ අඹේවෙල. තිස්ස මහාරාමෙ කිරි අරගෙන අඹේවෙල ගිහිල්ලා. නාරාහේන්පිට ගබඩාවට ගෙනල්ලා. තිස්සට පිටි යවනවා. කිරි පැකට් එකක වැඩිම වියදම තියෙන්නෙ ප‍්‍රවාහනයට. ඒ නිසා අපි සැළසුම් කළා මහා භාණ්ඩාගාරයෙන් සතයක් ගන්නෙ නැතුව මිල්කො ආයතනයෙ නව කර්මාන්තශාලා තුනක්. එකක් හම්බන්තොට. අනික කන්තලේ. අනික නාරම්මල. කිරිටික එතෙන්ට ගේනවා ඒක පැස්චරීකරණය කරලා ජනතාව ගාවට යනවා. තව මේක අඩුකරන සැළැස්මක් තියෙනවා.

මේක හදන්න පුළුවන්. මේ රාජ්‍ය ආයතන පාඩුවෙලා තියෙන්නෙ ආර්ථික ප‍්‍රතිපත්තියක් හින්ද නෙවෙයි. මේ රාජ්‍ය ආයතන පාඩුවෙලා තියෙන්නෙ දේශපාලනය නිසා. දේශපාලන අධිකාරියේ තනතුරු පුරවන මධ්‍යස්ථාන මේවා. දැං අර්ජුන වරාය ඇමති ඉන්නකොට සෙහොයුරා වරායෙ සභාපති වෙනවා. එතකොට අයිය වරාය ඇමති වෙනකොට මල්ලිට වරාය පිළිබඳ ඥානයක් එනවා. කොහොමද එහෙම වෙන්නෙ? ඒ අයියම පෙට්‍රෝලියම් ඇමති වෙනකොට අරමල්ලිම පෙට්‍රෝලියම් එකේ සභාපති වෙනවා. එතකොට පෙට්‍රෝලියම් පිළිබඳ ඥානයක් එනවා. කොහොමද එහෙම වෙන්නෙ? එතකොට සාගල වරයා ඇමති වෙනකොට සාගලගෙ අයියට වරාය පිළිබඳ ඥානයක් එනව. වරාය සභාපති වෙනවා. අයිය ජනාධිපති වෙනකොට මල්ලි ටෙලිකොමියුනිකේෂන් පිළිබඳ විත්වතෙක් වෙනවා. ටෙලිකොම් එකේ සභාපති වෙනවා. මස්සිනා ජනාධිපති වෙනකොට අනිත් මස්සිනා ගුවන් සේවය පිළිබඳ විශේෂඥයෙක් වෙනවා. මහින්ද මහත්තයගෙ මස්සිනා එයාර් ලංකා එකේ සභාපති වෙනවා. මේ මොකක්ද වෙලා තියෙන්නෙ?

අපි සතුව තිබුනා අමාත්‍යාංශ ගණනාවක් අපි ඒ හැම රාජ්‍ය ආයතනයකටම පත්කලේ ඒ ක්ෂේත‍්‍රය පිළිබඳ නිපුනතාවය තිබෙන අත්දැකීමක් තිබෙන කළමණාකරන හැකියාව තියෙන කට්ටිය. අපි ඒ පත්කරන කොට පත්වීම ලබාදෙන දවසෙ තමයි එයාගෙ මූණ දැක්කෙ. අපි මිල්කො එකට පත්කළේ එහෙම කෙනෙක්. ජල සම්පත් මණ්ඩලයට පත්කළේ එහෙම කෙනෙක්. කෘෂි රක්ෂණ මණ්ඩලයට පත්කළේ එහෙම කෙනෙක්. ඒ ක්ෂේත‍්‍රය පිළිබඳ නිපුණතාව හැකියාව කළමණාකරන හැකියාව තියන කණ්ඩායම් තමා අපි එතෙන්ට ගේන්න ඕන. එහෙම කරොත් මේව ගොඩගන්න පුළුවන් ඒ නිසා මේ රාජ්‍ය ගොඩ නගන්න පුළුවන් රාජ්‍යක්. ඒ සඳහා අපි එකතු වෙන්න ඕනි කාලෙ ඇවිල්ල තියෙන්නෙ. මේක ඉතාමත් හොඳ මැතිවරණයක්. අපේ රටේ පාලන බලය වෙනස් කිරීමේ මැතිවරණයක් අපි අභිමුවට ඇවිල්ල තියෙනවා. ඒ සඳහා අනෙක් කඳවුරු විවිධ අර්බුධවල ගැටුම්වල ප‍්‍රතිවිරෝධතාවලින් ගහනය වී තිබෙනවා. අපි එකට එකතුවී ශක්තිමත්ව මෙම මැතිවරණය සඳහා මුහුණ දෙන්න සැළසුම් කරල තිබෙනවා. මෙය ජයග‍්‍රහණය කරන්න ඕනි. හැබැයි මෙය ජයග‍්‍රහණය කළහැක්කෙ කෙසේ ද? මේක ජයග‍්‍රහණය කරන්න බැහැ. ගමේ අනෙකාට කතාකරන්නෙ නැත්නම් ඒ නිසා මෙතෙන්ට එක්රැස්වී සිටින ඔබගේ කාර්යභාරය තමයි මේ මාස දෙකකට අඩු කාලයේ අපි හැමදෙනාටම පුළුවන් නම් ගම ඇතුළෙ අනිත් පාක්ෂිකය එකතු කරන්න. අනිත් පාක්ෂිකයත් එක්ක සංවාදයේ යෙදෙන්න. හැම දෙනාම එකතුකරල ගමේ විශාල බලයක් නිර්මාණය කරන්න. සහතික වශයෙන් මේක ජයග‍්‍රහණයෙන් කෙළවර කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් සියළු දෙනා එකතු වෙමු. මැදිහත් වෙමු. පෙරට එමු කියල ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තූතියි හැම දෙනාටම. ජයවේවා කියල ප‍්‍රාර්ථනා කරනවා.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *