LOADING

Type to search

Modeling

අද සෝෂල් මීඩියා හරහා ගොඩක් අය එනවා…

Share

පෞද්ගලික අංශයේ රැකියාවක් කරමින් නිරූපණ ක්ෂේත්‍රයේද නිරත වන නිරූපිකාවක් තමයි සත්සරා මාධවී කියන්නේ. මේ වනවිට ඇය නිරූපණයට සම්බන්ධ වසර පහක් පමණ වෙනවා. නිර්මාණ කිහිපයකටම දායක වී තිබෙන සත්සරා හමුවූයේ මේ විදිහට.

මම සත්සරා මාධවී. මගේ පදිංචිය මීගමුවේ. මගේ අවුරුදු 26යි. මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. ඒ අතරතුර නිරූපණයටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම නිරූපණයට සම්බන්ධ වෙන්නේ දැනට අවුරුදු පහකට විතර කලින්. මහේෂ් මල්ලවආරච්චිගේ ෂූට් එකකින් තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මගේ මාමා කෙනෙක් තමයි රිචඩ් මානමුදලි. එයාගේ අභාෂය නිසා නිරූපණයට එක් වෙන්නත් හේතුවක් වෙන්න ඇති.

දායක වී තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

ෆොටෝ ෂූට් කරනවා. නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. තවම මම නිරූපණය පිළිබඳව ඉගෙනගන්නවා. රංගනයට අවස්ථා ලැබිලා තියෙනවා. නමුත් රැකියාව නිසා ඒවාට දායක වෙන්න ඉඩ ලැබුණේ නැහැ. නමුත් ඉදිරියේදී රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව නිරූපණයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

අද නිරූපණ ක්ෂේත්‍රය තියෙන්නේ මොන වගේ තැනකද?

අද නිරූපිකාවක් කිව්වාම ගොඩක් අය හිතන්නේ සල්ලිවලට විකිණෙන ගණිකාවක් කියලා. ඉස්සර වගේ නෙවෙයි අද තත්වය. ඉස්සර රොසෑන් ඩයස් මහත්මියලා මේ ක්ෂේත්‍රය හොඳ තැනකට ගෙනාවා. දැන් ඉන්න ජනප්‍රිය කියන අය ගොඩක්ම එකතු වෙලා මේ ක්ෂේත්‍රය විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා අළුතෙන් එන අයටත් තැනක් නැති වෙලා තියෙන්නේ.

නිරූපණයට සම්බන්ධ වෙලා අවුරුදු පහක් කිව්වානේ. කොහොමද මේ කාලය තුළ ලැබුණු අත්දැකීම්?

ගොඩක් ලොකු අත්දැකීම් රැසක් ලැබුණා. ඒ ගැන සතුටු වෙනවා.

ප්‍රවීණ අය නවකයන්ට උදව් කරනවාද?

ඔව්. ගොඩක් උදව් කරනවා. අළුත් අයට වඩා ප්‍රවීණ අය ගොඩක් එකමුතුයි. හරි දේවල් හරි විදිහට කරන්න ප්‍රවීණ අය උපදෙස් දෙනවා.

සෝෂල් මීඩියා හරහා නිරූපණ ශිල්පිනියෝ රැසක් ක්ෂේත්‍රයට එනවා. ඒ නිසා ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයක් ඇති වෙනවාද?

ෆොටෝ ෂූට් එකක් කරා කියලා එයා මොඩ්ල් කෙනෙක් වෙන්නේ නැහැ. නමුත් ඇත්තටම අද සෝෂල් මීඩියා හරහා ගොඩක් අය එනවා. ඒක නිසා පොඩි තරඟයක් තියෙනවා.

නිරූපණය පැත්තෙන් තියෙන ලොකුම හීනය මොකද්ද?

ලොකු හීනය තමයි රොසෑන් ඩයස් මහත්මිය වගේ දක්ෂ නිරූපිකාවක් වෙන්න. ඒක තමයි මට තියෙන ලොකුම හීනය.

මේ ක්ෂේත්‍රයෙන් හොඳ ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන්ද?

හොඳට මහන්සි වෙලා වැඩ කරොත් හොඳ ආර්ථිකයක් හදාගන්න පුළුවන්.

මේ ආපු ගමනට අත දුන් පිරිස ගැන කිව්වොත්?

මහේෂ් ගායාන් මහත්යාව මතක් කරන්න ඕනේ. එයා තමයි මම වැඩකරන ආයතනයේ ප්‍රධානියා. එයා මට ගොඩාක් ලොකු සහයක් දෙනවා මගේ වැඩවලට. එතකොට මහේෂ් මල්ලවආරච්චි, අනුරාධා උදයංගනීවත් මම මේ වෙලාවේදි මතක් කරනවා.

කැළුම් දේවින්ද – සාරවිට

Leave a Comment

Your email address will not be published. Required fields are marked *